ශ්‍රී ලංකා වුෂූ සම්මේලනය සංවිධානය කළ 15 වැනි ජාතික වුෂූ තරගාවලියේදී තාඔලු අංශයේදී රන් පදක්කම් 12 ක්, රිදී පදක්කම් 8 ක් සහ ලෝකඩ පදක්කම් 7 ක් දිනාගත් නාවික හමුදා ක්‍රීඩකයෝ එම කාණ්ඩයේ ශූරතාව දිනාගත්හ.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේදී තාඔලු හා සන්දා යන අංශ දෙකෙන්ම තරග පැවැති අතර කැපීපෙනෙන දස්කම් දක්වමින් එම අංශ දෙකේදීම සිය අණසක පැතිරවීමට නාවික හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ. සන්දා අංශයේදී රන් පදක්කම් 13 ක් සහ රිදී පදක්කම් 4 ක් දිනාගනිමින් නාවික හමුදා ක්‍රීඩකයෝ තරගාවලියේ සමස්ත ශූරතාවට හිමිකම් කීහ.
රන් පදක්කම් 6 ක්, රිදී පදක්කම් 13 ක් සහ ලෝකඩ පදක්කම් 12 ක් දිනාගත් යුද හමුදා කණ්ඩායම තරගාවලියේ සමස්ත අනුශූරතාව හිමිකරගත් අතර රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගත් ගුවන් හමුදා කණ්ඩායම තෙවැනි ස්ථානයට පත්විය.
රන් පදක්කම් 5 ක්, රිදී පදක්කම් 8 ක් සහ ලෝකඩ පදක්කම් 7 ක් දිනාගත් යුද හමුදා කණ්ඩායම තාඔලු අංශයේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.
තාඔලු අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නාවික හමුදාවේ හසිත ලක්ෂාන්ද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස වුෂූ පරියේෂණ සහ සංවර්ධන සමාජයේ ගිහානි වත්සලාද සම්මාන දිනාගත්හ. දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් බවට පත්වීම නිසා ඔවුන්ට පදක්කම් සමගින් රුපියල් 10,000 බැගින් මුදල් ත්‍යාග පිරිනැමිණ.
(ඡායාරූපය - ශානුක අරවින්ද)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.