(නාමල් පතිරගේ)
ශ්‍රී ලංකා පාසල් ත්‍රෝබෝල් සංගමය 19 වැනි වරටත් සංවිධානය කළ අන්තර් පාසල් ත්‍රෝබෝල් තරග මාලාවේ වයස 20න් පහළ බාලිකා ශූරතාව අඛණ්ඩව 19 වැනි වතාවටත් දිනාගැනීමට කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල සමත් විය.
මෙම තරගමාලාව වයස 13න් පහළ, 15න් පහළ හා 20න් පහළ බාලක හා බාලිකා කාණ්ඩ තුනකින් (ඒ.බී.සී.) පැවැත්විණි. ඒ සඳහා දිවයින පුරා පාසල් බාලක හා බාලිකා කණ්ඩායම් 150ක් පමණ සහභාගි වූහ.
ඇහැලියගොඩ ජාතික පාසල පරාජයට පත් කරමින් මෙවර අඛණ්ඩව ‘ඒ’ කාණ්ඩයේ 20න් පහළ (බාලිකා) ශූරතාව දිනාගැනීමට සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල සමත් විය. එම විදුහල වයස 15න් පහළ ‘ඒ’ කාණ්ඩයේ බාලිකා ශූරතාව ද එහිදී දිනාගැනීමට සමත්වීම කැපී පෙනුණි.
‘බී’ කාණ්ඩයේ තරගාවලියේ දී රත්නපුරය විජය කුමාරතුංග විදුහල බාලක හා බාලිකා ශූරතා තුනක් දිනාගනිමින් දස්කම් දැක්වීම තවත් තරගමාලාවේ කැපී පෙනුණු සිදුවීමකි.
මෙම තරගමාලාව ඇහැලියගොඩ ජාතික පාසල් ක්‍රීඩාංගණයේ දී හා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
තරගමාලාවේ ශූරතා, අනුශූරතා හා තෙවැනි ස්ථානලාභී පාසල්
වයස 20න් පහළ ඒ කාණ්ඩය
බාලක:- ශූරතාව:- මඩකලපුව මාකන් මාකර් ජාතික පාසල, අනුශූරතාව:- ඇහැළියගොඩ ධර්මපාල ජාතික පාසල, තෙවැනි ස්ථානය:- මඩකලපුව අලිහාර් ජාතික පාසල
බාලිකා ශූරතාව:- සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල, අනුශූරතාව:- ඇහැළියගොඩ ජාතික පාසල, තෙවැනි ස්ථානය- මොනරාගල ජේ. එම්. කුමාරදාස මහ විදුහල
වයස 20න් පහළ- ‘බී’ කාණ්ඩය
බාලක:- රත්නපුර තෙප්පනාව කුමර විදුහල, අනුශූරතාව බෝම්බුවල ශ්‍රී ධර්මාශෝක මහ විදුහල, තෙවැනි ස්ථානය- රත්නපුරය පාතගම මහ විදුහල
බාලිකා:- රත්නපුර විජය කුමාරතුංග විදුහල, අනුශූරතාව - ගම්පහ රත්නාවලී බාලිකා විදුහල, තෙවැනි ස්ථානය- බෝම්බුවල ශ්‍රී ධර්මාලෝක මහ විදුහල
වයස 20න් පහළ ‘සී’ කාණ්ඩය
බාලකා ශූරතාව:- මාබුවාගල විදුහල, අනුශූරතාව:- කොත්මලේ ගාමිණී දිසානායක ජාතික පාසල, තෙවැනි ස්ථානය:- කොස්සින්න ශ්‍රී සීලානන්ද මහ විදුහල
බාලිකා ශුරතාව:- මඩකළපුව අසාර් උසස් බාලික පාසල, අනුශූරතාව:- බණ්ඩාරගම වෑවිට මෛත්‍රී මහ විදුහල, තෙවැනි ස්ථානය:- කතරගම ජනාධිපති මධ්‍ය මහ විදුහල
වයස 15න් පහළ-ඒ කාණ්ඩය
බාලක ශූරතාව:- රත්නපුරය කොස්ගල විදුහල, අනුශූරතාව:- මොනරාගල ජේ. එම්. කුමාරදාස මහ විදුහල, තෙවැනි ස්ථානය- පන්නල ජාතික පාසල
බාලිකා ශූරතාව:- කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල, අනුශූරතාව:- කොස්ගල විදුහල, තෙවැනි ස්ථානය දොන් පේද්‍රිස් ජාතික පාසල
වයස 15න් පහළ ‘බී’ කාණ්ඩය
බාලක ශූරතාව:- විජය කුමාරතුංග විදුහල, අනුශූරතාව- තෙප්පනාව කුමාර විදුහල, තෙවැනි ස්ථානය:- ඉංගිරිය ගාමිණී මධ්‍ය මහ විදුහල,
බාලිකා:- ශූරතාව:- විජය කුමාරතුංග විදුහල, අනුශූරතාව - ගම්පහ රත්නාවලී බාලිකා විදුහල, තෙවැනි ස්ථානය:- කොළඹ විශාඛා විදුහල
වයස 15 න් පහළ ‘සී’ කාණ්ඩය
බාලක ශූරතාව:- ගලේවෙල ෆුර්කාන් මධ්‍ය මහා විදුහල, අනුශූරතාව:- එල්ලාවල පරණගම විදුහල, තෙවැනි ස්ථානය:- වතුයාය ශ්‍රී සුමන විදුහල
බාලිකා ශූරතාව:- ගම්පහ දේවි බාලිකා ජාතික පාසල, අනුශූරතාව:- දියගම මහ විදුහල, තෙවැනි ස්ථානය:- කාර්මල් ෆාතිමා විදුහල
(රත්නපුර කුමාර විදුහල් පිටියේදී පැවැති මිනි කබඩි තරගාවලියේ ශූරතා, අනුශූරතා හා තෙවැනි ස්ථානලාභී පාසල්)
වයස 13න් පහළ
බාලක:- ශූරතාව:- වතුයාය ශ්‍රී සුමන විදුහල, අනුශූරතාව, පාතගම මහ විදුහල, තෙවැනි ස්ථානය:- මඩකළපුව රිටිතැන්න ඉක්රාහ් විදුහල
බාලිකා ශූරතාව:- ගම්පහ දේවි බාලිකා විදුහල, අනුශූරතාව:- මඩකළපුව අසාර් උසස් බාලිකා පාසල, තෙවැනි ස්ථානය:- හත්දෙස්ස මහ විදුහල.

19 වැනි වරටත් වයස 20න් පහළ (බාලිකා) ශූරතාව දිනාගත් කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල් ත්‍රෝබෝල් කණ්ඩායම.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.