දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ ටෙනිස් තරගාවලියේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ ලෝකඩ පදක්කම් හයක් දිනා ගැනීමට අද සමත්වුහ. ශ‍්‍රී ලංකාව සාග් ක‍්‍රීඩා උළෙලේදී ටෙනිස් ක‍්‍රීඩාවෙන් මෙලෙස පදක්කම් දිනා ගන්නේ වසර 21 කට පසුව වීම විශේෂත්වයකි. අවසන් වරට ශ‍්‍රී ලංකාව සාග් ක‍්‍රීඩා උළෙලකදී ටෙනිස් පදක්කම් දිනාගෙන ඇත්තේ 1991 වසරේදීය.
ශාමල් දිසානායක (පිරිමි කේවළ ඉසව්ව), තිසුරි මොල්ලිගොඩ සහ නෙත්මි වඩුගේ (කාන්තා යුගල), හර්ෂණ ගොඩමාන්න සහ අම්රිතා මුත්තයියා (මිශ‍්‍ර යුගල ඉසව්ව) සහ දිනේෂ්කාන්තන් තන්ගරාජ් සහ යසිත ද සිල්වා (පිරිමි යුගල) යන ඉසව් හතරෙන් ලෝකඩ පදක්කම් දිනා ගත්හ.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.