Last Update  :  2025-11-16 21:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ටාවිට ලෝක ශූරතා රන් පදක්කමක්

ටාවිට ලෝක ශූරතා රන් පදක්කමක්

editorial - 2025 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටාවිට ලෝක ශූරතා රන් පදක්කමක් ඉතාලියේ ලිග්නැනෝ නුවරදී පැවැති ලෝක ශූරතා කණිෂ්ඨ ශ්‍රේණිගත මේසපන්දු තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ ශිෂ්‍ය ටාවී සමරවීර එහිදී වයස 11 න් පහළ  (බාලක) රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

රටවල් 34 කගේ සහභාගිත්වයෙන් තරගාවලිය පැවැත්වුණු අතර ශ්‍රී ලංකා ක්‍රීඩක ටාගි සහභාගි වූ ඉසව්වට තරගකරුවෝ 24 දෙනෙකු සහභාගි වූහ. එහිදී අවසන් පූර්ව වටයේදී පෝලන්ත ක්‍රීඩකයා හා අවසන් තරගයේදී මැලේසියානු ක්‍රීඩකයා පරාජය කරමින් ඔහු රන් පදක්කම දිනා ගත්තේ ලෝක කණිෂ්ඨ මේසපන්දු වයස 11 න් පහළ - බාලක අළුත්ම ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමෙනි. මෙය සැළකෙන්නේ මෙරට මේසපන්දු ක්‍රීඩකයෙකු මෙතෙක් අත් කර ගත් ඉහළම ජාත්‍යන්තර මේසපන්දු තරග ජය ලෙසයි. එය දකුණු ආසියාවේද වාර්තාවකි.

ඔහු මීට පෙර දිනා ඇති ලෝක ශූරතා කණිෂ්ඨ මේසපන්දු රිදී හා ලෝකඩ පදක්කම් ගණන නවයකි.

ටාගිගේ පියා වන ප්‍රවීණ මේසපන්දු පුහුණුකරු හසිත සමරවීර මහතා ඔහුගේ පෞද්ගලික පුහුණුකරු ලෙස කටයුතු කරයි. ටාගි ශ්‍රී ලංකා මේසපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකු වන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති දයා සමරවීර මහතාගේ මුණුපුරෙකි.


අදහස් (0)

ටාවිට ලෝක ශූරතා රන් පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.