ඇසෑම් 12 වැනි දකුණු ආසියානු ක්රීඩා උළෙලේ පාපැදි තරගාවලියේ කිලෝමීටර 100 මාර්ග ධාවන කේවළ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්රී ලංකා පාපැදි ශූර ජීවන් ජයසිංහ අද (9) සමත්විය. ජීවන් සාග් පාපැදි ඉසව්වලදී දිනාගත් දෙවැනි රන් පදක්කම මෙන්ම ශ්රී ලංකාවට මේ දක්වා ක්රීඩා උළෙලේ හිමි වු 12 වැනි රන් පදක්කම ද මෙය වේ.
සාග් ශ්රී ලංකා පාපැදි කණ්ඩායමේ නායකයා වන ජීවන්, මෙම තරග ඉසව්ව පැය 2 විනාඩි 25.38 ක කාලයකින් අවසන් කළේය. ඉන්දියාවේ පන්කාජ් කුමාර් සහ පාකිස්තානයේ නිසාර් අහ්මඞ් පිළිවෙලින් රිදී සහ ලෝකඩ පදක්කම් හිමිකර ගත්හ.
ජීවන් පළමු රන් පදක්කම දිනා ගත්තේ කිලෝමීටර 60 ක්රයිටේරියම් පිරිමි ඉසව්වෙනි. ශ්රියාලතා වික්රමසිංහ අද පැවැති කිලෝමීටර 80 මාර්ග ධාවන කේවළ කාන්තා ඉසව්වෙන් සිවුවැනි ස්ථානය ලැබීය. එහි රන්, රිදී සහ ලෝකඩ පදක්කම් තුනම ඉන්දිය ක්රීඩිකාවෝ දිනාගත්හ.
-090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.