ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 102 වැනි ජාතික කනිෂ්ඨ ටෙනිස් ශූරතාවලියේ බාලක (වයස 18 පහළ) කේවල ශූරතාව දිනාගැනීමට අවින්ද්‍ර පෙරේරා සමත් විය. අවසන් මහ තරගයේදී තරග වට 2-0 ක් ලෙස විබුධ විජේබණ්ඩාර පරාජය කරමින් ඔහු මෙවර ජාතික කනිෂ්ඨ ශූරයා බවට පත් විය.
අවසන් මහ තරගයේ පළමු වටය ලකුණු 6/3 ක් ලෙස ජයගත් අවින්ද්‍ර, දෙවැනි වටයද 6/2 ක් ලෙස ජයගනිමින් වට 2-0 ක් ලෙස සමස්ත තරගයේ ජය තමන් සතුකර ගත්තේය. අවින්ද්‍ර පිට පිටම ජාතික කනිෂ්ඨ ශූරතාව දිනාගත් තෙවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර 2015 සහ 2016 වසර වලදීද ඔහු ජාතික කනිෂ්ඨ ශූරතාවට හිමිකම් කියා තිබේ.
පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් (6/3, 6/2) ලෙස කවිෂ්ක රත්නායක පරාජය කරමින් අවින්ද්‍ර පෙරේරා අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. විබුධ විජේබණ්ඩාර අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් (7/5, 6/1) ලෙස විකුම් ජයසූරිය පරාජය කරමිනි.
කොළඹ ටෙනිස් සංගම් මුලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලිය ලබන 20 වැනිදා දක්වා පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.