Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරතාවලිය මේ මස 18 වැනිදා (අද) සිට 21 වැනිදා දක්වාත්, සතියක විරාමයකින් පසුව ජූලි මස 26 සිට 28 දක්වාත් කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා චෙස් සම්මේලනය වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය මේ වසරේදී ශ්‍රී ලංකා ජාතික චෙස් කණ්ඩායම් දෙකටම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තරගාවලියක් ලෙසින් ද පැවැත්වෙයි.
මේ තරගාවලි දෙකටම සහභාගීවිය හැක්කේ තේරීම් තරගාවලින් තෝරාගත් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සහ ශී ලංකා චෙස් සම්මේලනයෙන් නිර්දේශිත ක්‍රීඩක ,ක්‍රීඩිකාවන්ට පමණි.ඒ අනුව කාන්තා තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් 14 ක්ද පිරිමි තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 14 ක් ද තේරීපත්වී සිටිති.
කාන්තා තරගාවලියේ මෙන්ම පිරිමි තරගාවලියේ ක්‍රීඩක,ක්‍රීඩිකාවන් දාහතර දෙනාම තම තරග ඉසව්වේ සියලුම ප්‍රතිවාදී ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සමග තරග කළයුතුව ඇත. ඒ අනුව තරගාවලි දෙකම තරග වට දහතුනකින් සමන්විතය. මේ තරගාවලි දෙකේම තමන්ට පළමු වටයේ සිට දහතුන් වන වටය දක්වා තරග වට අංක පිළිවෙළට ක්‍රීඩා කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා දෙනුයේ කුසපත් ඇදීමෙනි.
ආරම්භක දිනය වන ජූලි 18 වැනිදා පස්වරුවේ එක් තරග වටයක් පැවැත්වෙන අතර අනෙක් තරග වට 12 තරගාවලිය පැවැත්වෙන අනෙක් දින හයේ දිනකට තරග වට දෙක බැගින් පවත්වා තරග වට 13 නිමාවට පත් කෙරේ.
මේ තරග වට දහතුනෙන් ලබා ගන්නා ලකුණු අනුපිළිවෙළ මත මේ වසරේ ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරයා , ශී ලංකා ජාතික චෙස් ශූරිය මෙන්ම ශී ලංකා ජාතික පිරිමි කණ්ඩායමට කීඩකයන් පස් දෙනා සහ ශී ලංකා ජාතික කාන්තා කණ්ඩායමට ක්‍රීඩක, ක්‍රීඩිකාවන් තෝරා ගනු ලබති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.