ගෝල්ඩන් ස්ක්වෙයාර් ජාත්‍යන්තර චෙස් සංගමය සංවිධානය කරන ගෝල්ඩන් ස්ක්වෙයාර් අන්තර් කී‍්‍රඩා සමාජ කණ්ඩායම් තරගාවලිය මේ මස 26 සහ 27 යන දින වලදී රාජගිරිය ශ්‍රී පරාක‍්‍රමබාහු විද්‍යාලයේදී පැවැත්වේ.
තරගාවලිය වයස 8 න් පහළ, 9 න් පහළ, 10 න් පහළ, 11 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ පැවැත්වෙන අතර එක් කණ්ඩායමකට කී‍්‍රඩකයන් 4 දෙනෙක් ඇතුළත් විය යුතුය.
තරගාවලියේ ලියාපදිංචි කිරීමේ කටයුතු මේ මස 23 වැනිදා පස්වරු 2.00 සට 5.00 දක්වා බොරැල්ල රත්නාවලි බාලිකා විද්‍යාලයේදී පැවැත්වේ.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු තරගාවලියේ කැඳවුම්කරු සුනීතා විජේසූරිය මහත්මිය (දුරකතන අංක 0112572645 හෝ 071 2726210) ඇමතීමෙන් ලබාගත හැකිය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.