නාමල් පතිරගේ
ශ්‍රී ලංකා දැල්පන්දු (නෙට්බෝල්)සම්මේලනයේ නිලවරණයට (2025 -27) ඉදිරිපත් වූ නාමයෝජනා හතරකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විරෝධතා සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා උපදේශක කමිටුව ඊයේ (20) පැමිණිලිකරුවන් කැඳවා විමර්ෂණ ආරම්භ කළේය.
එහිදී සභාපති අපේක්ෂිකාවන් වන වජිරා නෙත්තිකුමාර, රුක්ෂි නෙත්තිකුමාර, රුක්ෂි නෙත්තිකුමාර, ලේකම් ධූරයට නාමයෝජනා ඉදිරිපත් කර සිටින දමයන්ති ජයතිලක හා තරග ලේකම් ධූරයට නාමයෝජනා ඉදිරිපත් කර සිටින අනූෂා මයුරිනී යන මහත්මීන්ට එරෙහිව ඉදිරිපත්වූ විරෝධතා නිලවරණ කමිටුව විසින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම විරෝධතා නැවැත සළකා බලන ලෙස ඉල්ලා එම අභියාචනා ඉදිරිපත් කර තිබේ.
එම අභියාචනාවක් විභාග කිරීම සදහා කමිටුව ආපසු නොගෙවෙන රුපියල් 25000 ක මුදලක් අය කෙරෙන අතර වැඩ කරන දින 10 ක් ඇතුළතදී එහි නිර්දේශ ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතියෙන් ප්‍රකාශයට පත් කළ යුතුයගඑය ක්‍රීඩා පනතේ 30 වැනි වගන්ති ප්‍රකාරව අධිකරණයේ ප්‍රශ්න නොකළ යුතු ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ලෙස සැළකේ.
රාජ්‍ය සේවා දැල්පන්දු සංගමය ඇතුළු සංගම් කීපයක් ප්‍රතික්ෂේප වූ එම නාමයෝජනා විරෝධතා නැවැත සළකා බැලීම සදහා එම අභියාචනා ගොනු කර තිබේ.
ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණයට (2025/27) දින නියම නොකරමින් නාම යෝජනා කැදවීමට නිලවරණ කමිටුව පියවර ගත්තේය. වසර 2024 මැයි 30 වැනිදා සිට දැල්පන්දු සම්මේලනයේ පරිපාලනය ක්‍රිඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා භාරයට ගෙන තිබේ.
කැඳවීමට නියමිත දැල්පන්දු නිලවරණයේදී ජනසතු සේවා, කොළඹ, මාතර, අම්පාර, හා මඩකලපුව යන දැල්පන්දු අනු සංගම්හි ඡන්ද බලය ක්‍රීඩා රෙගුලාසි කඩ කිරීමේ චෝදනා මත අහෝසි කිරීමට නිලවරණ කමිටුව පියවර ගෙන තිබේ.
වසර 2026 අගොස්තු 6 සිට 16 වැනිදා දක්වා මීළගට නියමිත 14 වැනි ආසියානු දැල්පන්දු තරගාවලිය හොංකොං රාජ්‍යයේ සත්කාරකත්වයෙන් පැවැත්වේ. ඒ සදහා අවම ලබන ජනවාරි මාසය ආරම්භයේදී වත් ජාතික දැල්පන්දු සංචිතය ආරම්භ කළ යුතු බැවින් දැල්පන්දු සම්මේලනය නැවැත ස්ථාපිත කිරීම කාළීන අවශ්‍යතාවක් බවට පත්ව ඇතැයි දැල්පන්දු ප්‍රවීණියෝ පවසති.
කෙසේවූවත් මෙවර නිලවරණයේදී භාණ්ඩාගාරික ධූරයට නාමයෝජනා ඉදිරිපත් පී.ටී. සුමිත්‍රා මහත්මිය නිතරගයෙන් ඊට පත් වීමට නියමිතය. එහිදී උප භාණ්ඩාගාරික ධූරයත් එක් නාමයෝජනාවක් පමණක් පිළිගැනීමෙන් සකුන්තලා තෙන්නකෝන් මහත්මිය ඊට නිතර.පත්වීමක් ලැබීමටත් නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.