ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශන කමිටුවක් ලෙස ක්‍රියාත්මක වූ මයිකල් ද සොයිසා මහතාගෙන් යුත් ‘ක්‍රිකට් කමිටුව’ විසුරුවා හැර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසුවේ පරිපාලන හේතුවක් මත ‘ක්‍රිකට් කමිටුව’ විසුරුවා ඇති බවයි.
මෙම කමිටුවේ රැස්වීමක් ඊයේ (05) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබුණ ද කමිටුව විසුරුවා හැර ඇති බවට සභාපති මයිකල් ද සොයිසා මහතා සාමාජිකයන් රැසකට දැනුම්දී ඇති බව වාර්තා වේ. මෙම කමිටුව පසුගිය වසරේ මැද සිට ක්‍රියාත්මක වේ.
මෙම කමිටුව සාමාජිකයන් නව දෙනකුගෙන් සමන්විත වූ අතර එහි සෙසු සාමාජිකයන් ලෙස රංජිත් මදුරුසිංහ, අසන්ත ද මෙල්, ඈෂ්ලි ද සිල්වා, අසංක ගුරුසිංහ, ඩිල්ෂාන් ද සිල්වා, කෙන් ද අල්විස්, ජයන්ත සෙනෙවිරත්න සහ ජෙහාන් මුබාරක් යන මහත්වරු ඇතුළත් වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.