තුන්වැනි, හතරවැනි සහ පස්වැනි ශ්‍රේණිවල සිසු සිසුවියන් 5940 ක් සහභාගි වන සමස්ත ලංකා පාසල් ළමා ක්‍රීඩා තරගාවලිය ලබන අනිද්දා (3 වැනිදා) සිට පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. මෙම තරගාවලිය නෙස්ලේ ලංකා සමාගමේ අනුග්‍රහයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව 3 හා 4 යන ශ්‍රේණිවල සිසු සිසුවියෝ සහභාගි වන මලල ක්‍රීඩා ඉසව් ඇතුළත් තරගාවලිය ලබන මාර්තු 3 සහ 4 යන දෙදින බෝගම්බර පිටියේදීත්, පස්වැනි ශ්‍රේණියේ සිසු සිසුවියන් සහභාගි වන මලල ක්‍රීඩා ඉසව් ඇතුළත් තරගාවලිය මාර්තු 25 වැනිදා මීගමුව මාරිස්ටෙලා විදුහල් පිටියේදීත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්යක්ෂ (ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන) කර්නල් මංජුල ප්‍රදීප් කාරියවසම් හා එහි විශේෂ උපදේශක සුනිල් ජයවීර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුහු අවධාරණය කර සිටියේ හුදු තරගාවලියකට වඩා මෙය බාලාංශ සිසු සිසුවියන්ගේ ශාරීරික ක්‍රියාකාරකම් ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය උනන්දුවී සිටින බවයි.
එහි අරමුණ බාලාංශ පාසල් සිසු සිසුවියන්ගේ ශාරීරික ක්‍රියාකාරකම් නැංවීම තුළ රට තුළ නිරෝගී ළමා පරපුරක් බිහි කිරීම බවත් ඔවුහු එහිදී පවසා සිටියහ.
නෙස්ලේ හෙල්ති කිඞ්ස් නැමැති ප්‍රවර්ධන වැඩසටහනේ කිඞ්ස් ඇට්ලටික්ස් (මලල ක්‍රීඩා) වැඩසටහන යටතේ ළමුන්ගේ එදිනෙදා ජීවිතයට අදාළ ඇවිදීම, දිවීම, කරකැවීම, විසි කිරීම එහි සාමාන්‍ය ක්‍රියාකාරකම් විද්‍යානුකූල හා විනෝදමය පසුබිමක් යටතේ පෙළගැස්වීම සැණකෙලි ස්වරූපයෙන් සංවිධානය කරන මෙම ළමා මලල ක්‍රීඩා තරගාවලියේ අරමුණ වන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි.
මෙම වැඩසටහන් මාලාවේ 2017 පළමු අදියර සඳහා සහභාගිවූ සිසු සිසුවියන් ගණන 1,75,000 කට අධිකය. ඒ කොට්ඨාස තරග වට 247 කින් හා පළාත් මට්ටමින් තරග වට හතක්ද පැවැත්වීමෙනි. බාලක බාලිකා හා මැදි විදුහල් සහ මිශ්‍ර පාසල් යන පරිදි ප්‍රධාන ඉසව් තුනකින් තරගාවලිය සමන්විතය. ඒ අනුව මෙවර සමස්ත ලංකා තරගාවලියට 3 වැනි ශ්‍රේණියේ සිසුන් 1,920 ක්ද 4 වැනි ශ්‍රේණියේ සිසුන් 2,016 ක් හා පස්වැනි ශ්‍රේණියේ සිසුන් 2,004 ක් සහභාගිවීමට නියමිතය.
කෙසේවුවත් ඌව හා උතුරුමැද යන දෙපළාතේ අවසන් වටයේ තරග මෙතෙක් පවත්වා අවසන්වී නොමැති අතර එම පළාත්හි මෙම වැඩසටහනට සහභාගිත්වයේ අඩුවක් පෙන්නුම් කරන බව මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ ව්‍යාපෘති නිලධාරී මිල්රෝයි ජයමාන්න මහතා පැවසීය.
ජායාරූපය -කුෂාන් පතිරාජ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.