ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීමේ හැකියාව සමාජ මාධ්‍ය ජාලවලට ඇතැයි කියන කතා හුදු කයිවාරු බවත් ඔවුන් එසේ කරන්නේ කිසියම් ප්‍රසිද්ධියක් බලාපොරොත්තුවෙන් මිස ඔවුන්ට ඒ සම්බන්ධයෙන් කළ හැකි යමක් නැති බවත් ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතා කියයි.
තමන් සමාජ ජාල ඔස්සේ බලපෑම් කර ඇති බවට කිසියම් පුද්ගලයකු කරන ප්‍රකාශයකට එරෙහිව ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෝ සහ හිටපු ප්‍රබල ක්‍රීඩකයෝ මේ වන විට සිය සමාජ ජාල ගිණුම් ඔස්සේ විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටිති. මෙම ප්‍රකාශය පිළිබඳව හිටපු තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතාගෙන් විමසා සිටි අවස්ථාවේදී ලැබ්රෝයි මහතා එසේ කීවේය.
ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස තමන් කටයුතු කළ කාලයේ සමාජ මාධ්‍ය ජාලවල පළවූ දේව අවධානයට ගෙන කිසිඳු ලෙසකින් ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් නොකළ බවද ලැබ්රෝයි මහතා පැවසීය.
“ඔයවගේ දේවල් පිළිබඳව මම කිසිම අවධානයක් යොමු කරන්නේ නෑ. ඕවා ඇතැම් අය ප්‍රචාරයන් ලබා ගැනීමට කරන ප්‍රකාශ විතරයි” යැයි ලැබ්රෝයි මහතා වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නවසීලන්තයේ සංචාරයේ යෙදී සිටියදී ශ්‍රී ලංකා කණ්ඩායමට වෙනත් බාහිර දේවල්ලට අවධානය යොමු නොකර ක්‍රීඩාවට අවධානය යොමු කරන ලෙස අවවාද කළේය.
තම ගිණුම ඔස්සේ තේරීම් කමිටුවට බලපෑම් කළේ යයි ප්‍රකාශ කරන තැනැත්තා ක්‍රීඩකයන් දෙදෙනකුගේ නම් පවසමින් ඔවුන්ගේ සමාජ ජාලද තමන් මෙහෙයවූ බවද පවසයි. එම නම් සඳහන් ක්‍රීඩකයන් දෙදෙනා සහ තවත් හිටපු ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනකු එම ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.