Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඔලිම්පික් රන් පදක්කම් ලාභීයා යළි තරග බිමට

ඔලිම්පික් රන් පදක්කම් ලාභීයා යළි තරග බිමට

editorial - 2021 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලොව හිටපු අංක එකේ ටෙනිස් ක්‍රීඩක බ්‍රිතාන්‍යයේ ඇන්ඩි මරේ මාස 3 කට පමණ පසුව ලබන සතියේදී ආරම්භවන ක්වීන්ස් ක්‍රීඩා සමාජ ශූරතාවලියේදී යළිත් තරග බිමට පිවිසීමට සුදානමින් සිටියි. එහිදී ඔහු ප්‍රංශ ජාතික බෙනොයිට් පෙයර්ට එරෙහිව තරග වැදීමට නියමිතය.

මේ වන විට 34 වැනි වියේ පසුවන ඇන්ඩි මරේ දිර්ඝ කාලයක් පුරා ඉකිලියේ ආබාධයකින් පෙළෙන අතර එම අබාධය හේතුවෙන් ඔහු මෙවර ප්‍රංශ විවෘත තරගාවලියට සහභාගි වීමෙන්ද වැළකී සිටියේය. පෙයිරිට එරෙහිව පැවැත්වෙන මූලික වටයේ තරගය ජයගැනීමට මරේ සමත් වුවහොත් ඔහුට දෙවැනි වටයේදී ඉතාලියේ මැටියෝ බෙරෙටිනීට එරෙහිව තරග වැදීම සඳහා අවස්ථාව උදාවනු ඇත. බෙරෙටිනි මේ වන විට ලෝක‍ ශ්‍රේණිගත කිරීම්හි 9 වැනි ස්ථානයේ රැදී සිටියි.

විම්බල්ඩන් ශූරතා 2 ක් (2013, 2016) සහ ඇමරිකානු විවෘත ශූරතාවක් (2021) සමග ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 3 කට හිමිකම් කියන මරේ, අවස්ථා 5 කදී (2010, 2011, 2013, 2015, 2016) ඕස්ට්‍රේලියානු විවෘත අවසන් මහ තරග සඳහාද, 2016 වසරේදී ප්‍රංශ විවෘත අවසන් මහ තරගය සඳහාද ක්‍රීඩා කර ඇත.

ඊට අමතරව 2012 වසරේ ලන්ඩන්හිදී පැවැති ඔලිම්පික් උළෙලේ සහ 2016 වසරේ රියෝද ජනෙයිරෝහිදී පැවැති ඔලිම්පික් උළෙලේ පිරිමි කේවල ඉසව්වල රන් පදක්කම් දිනාගැනීමටද මරේ සමත් විය. 2012 වසරේදී ඔහු මිශ්‍ර යුගල ඉසව්වේ රිදී පදක්කමද දිනාගත්තේය.

-036


අදහස් (0)

ඔලිම්පික් රන් පදක්කම් ලාභීයා යළි තරග බිමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.