Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඔලිම්පික් දින සැමරුම් උත්සවය 23 දා

ඔලිම්පික් දින සැමරුම් උත්සවය 23 දා

editorial - 2021 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාත්‍යන්තර ඔලිම්පික් දිනය යෙදී තිබෙන මෙම 23 වැනිදා පස්වරු 5.30 සිට රාත්‍රී 7.30 දක්වා ‘සූම්’ තාක්ෂණය ඔස්සේ සැමරුම් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඔලිම්පික් කමිටුව සැරසේ.

ජාතික ඔලිම්පික් දිනය යෙදෙන්නේ වසරේ ජුනි 23 වැනිදාටය. එම දිනයට සමගාමීව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සියලුම සාමාජික රටවල් සිය රට තුළ ජාතික වැඩසටහන් ක්‍රියාත්මක කරයි. ඒ යටතේ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව ‘ඔලිම්පික් ප්‍රඥාප්තිය මනුෂ්‍ය ප්‍රජාවට’ යන තේමාව යටතේ මෙම 23 වැනිදා සිය වැඩසටහන් මාලාව නම් කර තිබේ.

එම සජීවී වැඩසටහන හමුවේ ජාතික ඔලිම්පික් කමිටුවේ වෛද්‍ය කමිටුවේ දායකත්වයෙන් ඔලිම්පික් ප්‍රඥප්තිය නූතන කොවිඩ් වසංගතයේ මර්දනයට දායක කරගන්නේ කෙසේ ද මැයෙන් විශේෂ දේශන මාලාවක් ද පැවැත්වේ. ඒ සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ වෛද්‍ය අනුකමිටුවේ මහාචාර්යවරුන් හා වෛද්‍යවරුන් අට දෙනකු සහභාගි වීමට නියමිතය.
ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, එහි මහලේකම් මැක්ස්වල් ද සිල්වා, එහි විද්‍යායතන අධ්‍යක්ෂ බී.එල්.එච්. පෙරේරා යන මහත්වරුන් ඇතුළු ආරාධිතයෝ  පිරිසක් ද එම අවස්ථාවට එක්වෙති.

ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවැසුවේ මෙම වැඩසටහන සඳහා සූම් තාක්ෂණය ඔස්සේ අයිවරිකෝස්ට් රාජ්‍යයේ ජාතික ඔලිම්පික් කමිටු ප්‍රධානියකු ද සම්බන්ධ වන බවයි.

ඉදිරියේදී ජාතික ඔලිම්පික් කමිටුව ඔහුගේ සහයෝගය ලබාගනිමින් ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනකුට අයිවරිකෝස්ට් හිදී  විශේෂ පුහුණුවක් ලබාදීමට සැලසුම් කර තිබෙන බවත් මැක්ස්වෙල් ද සිල්වා මහතා වැඩිදුරටත් පැවැසීය.

මෙදින ජාතික ඔලිම්පික් දිනය සැමරීම නිමිත්තෙන් ජාතික ඔලිම්පික් කමිටුව වාර්ෂිකව පාසල් සිසුන්ගේ සහභාගිත්වයෙන් කළ ඔලිම්පික් දින සැමරුම් ධාවනය වසර 2019 සිට අත්හිටුවීමට සිදු විය. ඊට හේතු වූයේ 2019 වසරේ සිදු වූ පාස්කු ප්‍රහාරයත්, පසුව  උද්ගත වූ කොවිඩ් වසංගත තත්ත්වයත් හේතුවෙනි.
 


අදහස් (0)

ඔලිම්පික් දින සැමරුම් උත්සවය 23 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.