මෙරට කීර්තිමත් ක්‍රීඩා ක්‍රීඩා සමාජයක් වන එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ නිල ඇඳුම් සපයන්නා ලෙස කටයුතු කිරීම සඳහා ප්‍රධාන පෙළේ කුඩ සහ මේස් නිශ්පාදන සමාගමක් වන කඳුරට කුඩ සමාගම ඉදිපත්ව සිටියි.
එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සමග පැවැති ගිවිසුම නැවත වරක් දීර්ඝ කරමින් ඉදිරි වසර (2019) සඳහාද එම ක්‍රීඩා සමාජයේ නිල ඇඳුම් සපයන්නා ලෙස කටයුතු කිරීමට කඳුරට කුඩ සමාගම ඉකුත්දා පියවර ගත්තේය.
වසර 119 කට වැඩි දීර්ඝ ක්‍රිකට් ඉතිහාසයකට හිමිකම් කියන එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වුණ ක්‍රීඩකයන් 30 දෙනෙක් ක්‍රීඩා කර ඇත.
කඳුරට කුඩ සමාගම ත්‍රිත්ව විදුහලේ රග්බි අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීමට ඉදිරිපත්වී සිටින අතර, වයස 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමට විශේෂිත ක්‍රීඩා මේස් පිරිනමමින්ද සිය දායකත්වය ලබා දී ඇත.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.