Last Update  :  2025-08-13 19:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports එල්ලේ සම්මේලනය කල් ඉකුත් වෙයි

එල්ලේ සම්මේලනය කල් ඉකුත් වෙයි

editorial - 2025 අගෝ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

අගෝස්තු 18 වැනිදාට කළින් නිලවරණය ( 2025 - 27) කැදවා අවසන් කළ යුතු බවට ක්‍රීඩා අමාත්‍යාංශය දුන් නියෝගය නොසළකා හැරීමෙන් ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය ක්‍රීඩා රෙගුලාසී බරපතල ලෙස නොසලකා හැර ඇතැයි එහි වත්මන් විධායක සභාවට චෝදනා නැගේ.

ඒ සදහා අඩු තරමින් මූලික සැළසුම් සංවිධානයටවත් එල්ලේ සම්මේලනය උනන්දු නොවීම පිළිබදව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත විරෝධතා ලිපියක් යොමු කිරීමට එල්ලේ සුරැකීමේ සංවිධානයේ කැදවුම්කරු, එල්ලේ සම්මේලනයේ හිටපු ලේකම්වරයෙකු වන සිරිල් පෙරේරා මහතා ඇතුළු ක්‍රීඩා සමාජ නියෝජිතයන් පිරිසක් කටයුතු කර තිබේ.

අගෝස්තු 18 වැනිදාට පෙර නිලවරණය පවත්වා අවසන් කළ යුතු බවට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය ජූනි 11 වැනිදා සහන කාලයක්ද ලබා දෙමින් නිකුත් කළ ලිපියට අනුව කටයුතු නොකිරීමෙන් එම තත්වය පැන නැගී ඇතැයිද ඔවුන් එහිදී පෙන්වාදී තිබේ.

එල්ලේ සම්මේලනයේ නිලවරණය (2025 -27) පසු ගිය මැයි 30 වැනිදාට පෙර පැවැත්විය යුතු වූවත් මෙසේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා එය පවත්වා අවසන් කිරීම සදහා අගෝස්තු 18 වැනිදා දක්වා සහන කාලයක් ලබාදී තිබේ.එහෙත් නිලවරණය සංවිධානය කිරීම සදහා අඩු තරමින් නිලවරණ කමිටුව පත් කර ගැනීමටවත් එල්ලේ සම්මේලනයේ වත්මන් විධායක සභාව උනන්දුවී නැතැයි වාර්තාවේ.

කෙසේවූවත් එල්ලේ සම්මේලනයේ  පසු ගිය වසර කීපයක් තිස්සේ ක්‍රියාකාරීත්වය අඩපණවී ඇතැයි චෝදනා නැගේ.අඩු තරමින් ඡන්දය හිමි ක්‍රියාකාරී ක්‍රීඩා සමාජ නාම ලේඛනයක් පවත්වා ගෙන යාමට හෝ එය යාවත්කාළීන කිරීමටවත් වත්මන් විධායක සභාව උනන්දුවී නැතැයි එහිදී චෝදනා නැගේ.

වත්මන් විධායක සභාව නිලවරණය කැදවීම සදහා මුල පිරිය යුතු අත්‍යවශ්‍යම මූලික කාරණා ලෙස ලෙස සැළකෙන රැස්වීම් වාර්තා,මහ සහා වාර්තා, විගණනය ක‍ළ ගිණුම් වාර්තා කිසිවක් මෙතෙක් සූදානම් කිරීමට අපොහොසත් වීමෙන් ඔවුන් වත්මන් ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා ගැසට් කළ 2025 අංක 01 දරන ක්‍රීඩා සංගම් නියෝග මාලාව මුළුමණින්ම නොසලකා හැර ඇතැයි ද සිරිල් පෙරේරා මහතා පවසයි.


අදහස් (0)

එල්ලේ සම්මේලනය කල් ඉකුත් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.