Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නාමල් පතිරගේ
ජිබොල්ටාවේදී ඊයේ (19) ආරම්භ වූ ලෝක යොවුන් දැල්පන්දු (නෙට්බෝල්) තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම වීසා හා ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන් කිරීමේදී පැන නැගුණු බව කියන ගැටලු කීපයක් හේතුවෙන් ඊයේ රාත්‍රීය වන විටත් දිවයිනෙන් පිටත්ව යාමට නොහැකිව සිටි බව වාර්තාවේ.
තරගාවලියේ මූලික වටය අද (20) ආරම්භ වන අතර එහිදී ශ්‍රී ලංකාව අද එංගලන්තයට එරෙහිව සිය පළමු තරගයට සභභාගි වීමට නියමිතය. කෙසේවූවත් පවතින තත්වය මත ශ්‍රී ලංකාවට අද තරගයට සහභාගිවීම මග හැරී යනු ඇත.
ජිබොල්ටාවට කොළඹ සිට කටාර් ලන්ඩන් හරහා ළගාවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමට දිනකට වඩා වැඩි කාලයක් ගත වන දීර්ඝතම ගුවන් ගමනක යෙදීමට සිදු වන බැවින් අද තරගයට සහභාගි වීම ඔවුන්ට අත් හැර දැමීමට සිදු වනු ඇත.
හෙට ( 21) මූලික වටය යටතේ ශ්‍රී ලංකාව සිය දෙවැනි තරගය යෙදී ඇත්තේ වේල්සය සමගයි. රටවල් 20 ක් නිර්දේශ ලැබූ 2025 ලෝක යොවුන් දැල්පන්දු තරගාවලිය එහි අවසන් මහ තරගය යෙදී තිබෙන සැප්තැම්බර් 28 වැනිදා දක්වා පැවැත්වේ.සදුදා (22) ජැමෙයිකාව සමගද, බදාදා (24) ටොංගා රාජ්‍යය සමගද ශ්‍රී ලංකාව තරග වදියි.
මේ අතර වාර්තා වන්නේ හිටපු කඩුලු පැනීමේ ශූරී ශ්‍රියානි කුලවංශ මහත්මිය සභාපති ධූරය දරන ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව මෙම තරග සංචාරයට සූදානම් වීමේදී පැවැති අඩුපාඩු කීපයක්ම හේතුවෙන් ඊට සිය අනුමැතිය ලබාදීම ප්‍රතික්ෂේප කළ බවයි.
එසේවූවත් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය මේ වන විට ක්‍රීඩා ඇමැතිවරයා විසින් අත්හිටුවා තිබෙන අතර තාවකාලිකව දැනට රටේ දැල්පන්දු පරිපාලනය පවතින්නේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා (රාජකාරී පැවැරුම්) භාරයේ බැවින් ජිබොල්ටා තරඟ සංචාරය සඳහා ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතාගේ අනුමැතිය ලැබුණු බවයි.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිය ලෙස ලක්මිණී සමරසිංහ මහත්මියත් හා පුහුණුකාරීනිය ලෙස තමරා මළිදු ගමගේ මහත්මියත් ජිබොල්ටා තරග සංචාරයට නිර්දේශවී තිබුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.