Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports උදය - ඉෂාරා සම්මාන දිනති

උදය - ඉෂාරා සම්මාන දිනති

සංජය එරමුදුගොඩ - 2016 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෙහිවල එස්. ද එස්. ජයසිංහ ශාලාවේදී පැවැති ‘ඇන්ඩෘ’ මේස පන්දු සම්මාන 2016 උළෙලේදී දක්ෂතම ක්‍රීඩකයා ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහලේ උදය රණසිංහත්, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ස්ටැග් මේස පන්දු විද්‍යායතනයේ ඉෂාරා මධුරංගිත් සම්මාන දිනාගත්හ.

ජ්‍යෙෂ්ඨ අංශයේ ජනප්‍රියම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ චමීර ගිණිගේ සම්මාන දිනාගත් අතර ජනප්‍රියම ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා යිුද හමුදාවේ එරන්දි වරුසවිතාන සම්මාන දිනාගත්තාය.

ශ්‍රී ලංකා මේසපන්දු සංගමය සමග එක්ව ‘ඇන්ඩෘ’ මේස පන්දු විද්‍යායතනය දෙවැනි වරටත් සංවිධානය කළ මෙම සම්මාන උළෙල සඳහා වයස් කාණ්ඩ 6 ක් යටතේ ශ්‍රේණිගත ක්‍රීඩික ක්‍රීඩිකාවෝ 16 බැගින් තෝරාගනු ලැබ සිටියහ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදෙස් මේස පන්දු තරගාවලිවලට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකටද එහිදී වර්ණ සහ කුසලතා සම්මාන ප්‍රධානය කරන ලදී.  


දක්ෂතම ක්‍රීඩකයා -
උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල)

දක්ෂතම ක්‍රීඩිකාව -
ඉෂාරා මධුරංගි (ස්ටැග් මේසපන්දු විද්‍යායතනය)

නැගී එන ක්‍රීඩකයා -
සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල)

නැගී එන ක්‍රීඩිකාව -
බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් විදුහල)

ජනප්‍රියම ක්‍රීඩකයා (ජ්‍යෙෂ්ඨ) -
චමීර ගිණිගේ (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය)

ජනප්‍රියම ක්‍රීඩිකාව (ජ්‍යෙෂ්ඨ) -
එරන්දි වරුසවිතාන (ශ්‍රී ලංකා යුද හමුදාව)

ජනප්‍රියම ක්‍රීඩකයා (කනිෂ්ඨ) -
විරුණක හෙන්ඳහේවා (කොළඹ රාජකීව විදුහල)

ජනප්‍රියම ක්‍රීඩිකාව (කනිෂ්ඨ) -
තනුෂි රොද්‍රිගූ (කොළඹ මහාමායා විදුහල)

 

දක්ෂතම ක්‍රීඩකයා - උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල)

දක්ෂතම ක්‍රීඩිකාව - ඉෂාරා මධුරංගි (ස්ටැග් මේසපන්දු විද්‍යායතනය)

 


අදහස් (0)

උදය - ඉෂාරා සම්මාන දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.