Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඇමරිකානු විවෘත තරගාවලිය ප්‍රේක්ෂකයන්ට විවෘතයි

ඇමරිකානු විවෘත තරගාවලිය ප්‍රේක්ෂකයන්ට විවෘතයි

editorial - 2021 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වසංගතය ආරම්භ වීමෙන් පසුව 100% ක ප්‍රේක්ෂක සහභාගීත්වයක් සහිතව පැවැත්වෙන පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලිය බවට 2021 ඇමරිකානු විවෘත තරගාවලිය පත්වීමට නියමිතය. මෙම වසරේ (2021) ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලිය මෙන්ම ප්‍රංශ විවෘත තරගාවලිය නැරඹීම සඳහාද ඉතාමත් සීමිත ප්‍රේක්ෂක සංඛාවකට අවසර ලැබිණ.

විම්බල්ඩන් ශුරතාවලියේ පිරිමි සහ කාන්තා අවසන් මහ තරග 100% ක් ප්‍රේක්ෂකයන් සහිත ක්‍රීඩාංගණයකදී පැවැත්වීමට සංවිධායකයන් පියවර ගෙන තිබුණද, එහි සෙසු තරග නැරඹීම සඳහා ඔවුන් අවසර ලබාදී ඇත්තේ 50% ක පිරිසක් සඳහා පමණි.

මෙවර ඇමරිකානු ‍විවෘත තරගාවලිය අගෝස්තු මස 30 වැනිදා සිට සැප්තැම්බර් මස 7 වැනිදා දක්වා නිව්යෝර්ක් නුවර ෆ්ලෂිං මැඩෝව්ස් පෙදෙසේදී පැවැත්වේ. වැඩිහිටි ප්‍රජාවගෙන් 70% කට වඩා අවම වශයෙන් එක් එන්නතක්වත් ලබාගෙන ඇති බැවින් නිව්යෝර්ක් ප්‍රාන්තයේ බොහෝ අගුළු දැමීමේ සීමාවන් මේ වන විට ඉවත් කර ඇත.

“ඉකුත් වසරේදී (2020) ඇමරිකානු විවෘත තරගාවලිය පවත්වන්න ලැබීම ගැන අපි හුඟක් සතුටට පත්වෙනවා. නමුත් එහිදී අපිට ප්‍රේක්ෂකයන් නැති අඩුව තදින්ම දැනුණා.‍ ඇමරිකානු විවෘත තරගාවලිය අනෙක් තරගාවලින්ට සාපේක්ෂව වෙනස් තරගාවලියක් බවට පත් කිරීම සඳහා ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන දායකත්වය කියලා නිම කරන්න බැහැ.” යැයි ඇමරිකානු ටෙනිස් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී මයික් ඩොව්ස් මහතා පැවසීය.

අවසන් වරට‍ 100% ක ප්‍රේක්ෂක සහභාගීත්වයක් සහිතව පැවැති ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලිය ලෙස 2020 ඕස්ට්‍රේලියානු ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලිය හැඳන්විය හැකිය. කෙසේ වුවත් එම තරගාවලිය නිමා වී සති කිහිපයක් ගතවනවාත් සමග කොරෝනා වසංගතය පැතිර යෑම වැලැක්වීම සඳහා රට අගුළු දැමීමට ඕස්ට්‍රේලියානු රජයට සිදුවිය.

-036


අදහස් (0)

ඇමරිකානු විවෘත තරගාවලිය ප්‍රේක්ෂකයන්ට විවෘතයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.