Last Update  :  2025-05-17 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අස්හර් - නානායක්කාර මූලික වටයෙන්ම ඉවතට
ආසියානු 22 න් පහළ සහ යොවුන් බොක්සිං

අස්හර් - නානායක්කාර මූලික වටයෙන්ම ඉවතට

editorial - 2025 මැයි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා බොක්සිං සංගමය සංවිධානය කරන ආසියානු වයස 22 න් පහළ සහ යොවුන් බොක්සිං තරගාවලියේ සිවුවැනි දිනය වූ අද (15 වැනිදා) පැවැති මූලික වටයේ තරගවලට සහභාගි වූ ශ්‍රී ලංකාවේ එස්.ජී.එම්. අස්හර් සහ කේ.එම්.එස්. නානායක්කාර, එහිදී පරාජයට පත්වීම හෙතුවෙන් දෙවැනි වටයට සුදුසුකම් ලැබීමට අපොහොසත් වූහ. 

යොවුන් කාණ්ඩයේ කිලෝ ග්‍රෑම් 67 බර පංතිය යටතේ තරග වැදුණ අස්හර් එහිදී ලකුණු 5-0 ක් ලෙස තජිකිස්ථාන ක්‍රීඩක සුල්ටනොව් මුඛම්මද්සුල්ටන් හමුවේ පරාජයට පත්විය. යොවුන් කාණ්ඩයේ කාන්තා කිලෝ ග්‍රෑම් 60 බර පංතිය යටතේ තරග වැදුණ නානායක්කාර පරාජයට පත්වූයේ කිරිගිස්ථානයේ අසිල්බෙක් කයිසි ඇfඩිලියා හමුවේය. 

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුවක් වන කණ්ඩායම් නායක උමයංග මිහිරාන් කිලෝ ග්‍රෑම් 51 බර පංතිය යටතේ හෙට (16 වැනිදා) මූලික වටයේ තරගයකට සහභාගි වීමට නියමිතය. ඔහු ඉකුත් වසරේ (2024) දෙසැම්බර් මස තායිලන්තයේ පැවැති ආසියානු බොක්සිං තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 51 බර පංතියේ ලෝකඩ පදක්කම දිනාගත් ක්‍රීඩකයාය. 

හෙට දිනයේදී වයස 22 න් පහළ කාණ්ඩයේ තරග 14 ක් පැවැත්වීමට නියමිත අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන එම්.ඒ.එස්. කරුණානායක කි.ග්‍රෑ. 54 බර පංතියෙන්ද, ටී.බී. මීගල්ලේ කි.ග්‍රෑ. 57 බර පංතියෙන්ද, ජේ.එම්.ටී. දේෂාන් කි.ග්‍රෑ. 60 බර පංතියෙන්ද, එම්.එම්. පාරිස් කි.ග්‍රෑ. 63.5 බර පංතියෙන්ද තරග වැදීමට සූදානමින් සිටිති. 

එහිදී මිහිරාන්ට එරෙහිව කිරිගිස්ථානයේ ඒර්ගෂොව් බෙක්සාට්ද, කරුණානායකට එරෙහිව මැලේසියාවේ වාහිඩ් මොහොමඩ් රිසාල්ද, මීගල්ලේට එරෙහිව කසකස්ථානයේ අනොර්බයෙව් හසුරබික්ද, දේෂාන්ට එරෙහිව පිලිපීනයේ පෞලෙට් ඔසියර් මැටියෝද, පාරිස්ට එරෙහිව සවුදි අරාබියේ අල්හව්සව් මොවුසාද තරග වදිනු ඇත. 

කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා රටවල් 26 ක් නියෝජනය කරමින ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 400 ක් සහභාගි වී සිටිති. වයස 22 න් පහළ සහ යොවුන් ලෙස කාණ්ඩ 2 ක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේදී පිරිමි ඉසව් බර පංති 13 ක් යටතේද, කාන්තා ඉසව් බර පංති 12 ක් යටතේද පැවැත්වේ. 

සිවුවැනි දිනයේ තරග ප්‍රතිඵල 

කිලෝ ග්‍රෑම් 67 බර පංතිය 
සුල්ටනොව් මුඛම්මද්සුල්ටන් (තජිකිස්ථානය) විසින් ලකුණු 5-0 ක් ලෙස එස්.ජී.එම්. අස්හර් (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. 

කිලෝ ග්‍රෑම් 60 බර පංතිය (කාන්තා) 
අසිල්බෙක් කයිසි ඇfඩිලියා (කිරිගිස්ථානය) විසින් කේ.එම්.එස්. නානායක්කාර (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (විනිසුරු අතරමැද තරගය නතර කිරීම හේතුවෙනි.)

 

 


අදහස් (0)

අස්හර් - නානායක්කාර මූලික වටයෙන්ම ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.