Last Update  :  2025-09-17 19:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අවසන් මොහොතේ සූදානමින් ලෝක තරග සංචාරයේ වියදම් ඉහළට

අවසන් මොහොතේ සූදානමින් ලෝක තරග සංචාරයේ වියදම් ඉහළට

editorial - 2025 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

ජිම්බොල්ටාවේදී ලබන සෙනසුරාදා (20) ආරම්භ වන නව වැනි ලෝක යොවුන්  (වයස 21න් පහළ) දැල්පන්දු  තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ඒ සදහා සූදානම් වීමට අවසන් මොහොත වන තෙක් බලා සිටීමෙන් වියදම් ඉහළ ගොස් ඇතැයි වාර්තාවේ. ජිම්බොල්ටාවට ළගාවීම එංගලන්තය හරහා දීර්ඝතම ගුවන් ගමනක් ඔස්සේ සිදු කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබීමෙන් සෙනසුරාදා එංගලන්තය සමග ඔවුන්ට යෙදී තිබෙන මූලික වටයේ සිය ආරම්භක තරගය මග හැරී යාමට ඉඩ ඇතැයිද වාර්තාවේ.

පසු ගිය ජූලි 4 වැනිදා ශ්‍රී ලංකාව කොරියාවේදී පැවැති ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියට සහභාගිවීම අවසන් කිරීමෙන් පසුව ජිම්බ්‍රොල්ටා ලෝක යොවුන් දැල්පන්දු දැල්පන්දු තරග සංචාරය සදහා ක්‍රීඩා අමාත්‍යාංශය  මෑතක් වන තුරු කිසිදු පෙර සූදානමක් පළ නොකළේය. කෙසේවූවත් පසුගිය සැප්තැම්බර් 2 වැනිදා වන විට ලෝක සංචාරය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම නේවාසික පුහුණුවීම් සදහා කැදවනු ලැබීය.

ඒ පසුගිය අගෝස්තු 19 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී පැවැති තේරීම් තරගාවලියේදී නිර්දේශ කර ගත් ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායමයි.ඒ වන විටත් ලෝක යොවුන් තරගාවලියට යන ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකරු නිර්දේශ කර නොතිබුණි. මේ වන විට ඒ සදහා නම් කර ඇත්තේ තමාරා මළිදු ගමගේ මහත්මියයි.

නිමාවූ ආසියානු යොවුන් දැල්පන්දු තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ ලක්මිණී මහත්මිය ජිම්බ්‍රොල්ටා ලෝක යොවුන් තරග සංචාරයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිණිය ලෙස පත් කර තිබේ.

සති කීපයක් පමණක් ඉතිරිව තිබියදී ඊට සූදානම් වීමේ උත්සහය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ඒ සදහා සූදානම් කිරීමේ වියදම් විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කරයි. එහි ප්‍රතිපලයක් ලෙස එංගලන්තය හරහා ජිම්බ්‍රොල්ටාවට ඇතුළුවීමේ හදිසි වීසා ඇයැදුම් කිරීමේ ගාස්තුව කණ්ඩායමේ එක් අයෙකුට ස්ටර්ලින් පවුම් 500 ක් ගෙවීමට සිදුව තිබේ. එහිදී සාමාන්‍ය ක්‍රමයට වීසා ඇයැදුම් කිරීමේ ගාස්තුව එක් අයෙකුට ස්ටර්ලින් පවුම් 98 ක් ලෙස දැක්වේ.

ඒ අනුව කණ්ඩායෙම් වීසා ගාස්තු සදහා ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 25 කට ආසන්න වැය කිරීමක් දැරීමට සිදු වනු ඇත. ඒ අතර කණ්ඩායමේ ගුවන් ප්‍රවේශ පත්‍ර ගෙවීම්ද ඉහළ යනු ඇතැයි පැවසෙන්නේ බොහෝවිට මිල අධික ව්‍යාපාරික පංතියේ ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන් කර ගැනීමට සිදු වන බැවිනි.

කෙසේවූවත් ඊයේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කර සිටියේ මෙම තරග සංචාරයේ සම්බන්ධීකරණ කටයුතු වලින් ක්‍රීඩා සංවර්ධන සංවර්ධන දෙපාර්තමේන්තුව ඉවත් කර කෙළින්ම එය ක්‍රීඩා අමාත්‍යාංශයට පවරා ගත් බවයි.

මෙම කාරණා හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජිම්බ්‍රොල්ටාවට ළගාවීම ප්‍රමාද වීමෙන් ඔවුන්ට සෙනසුරාදා එංගලන්තය සමග පැවැත්වෙන පළමු තරගය මග හැරී යාමේ තත්වයක් ඊයේ වන විට පැන නැගී තිබුණි. එංගලන්තය ගිය වර (2017) තරගාවලියේ තෙවැනි ස්ථානය අත් කර ගත් කණ්ඩායමයි.

තරගාවලියේ සමාරම්භක උත්සවය සිකුරාදාට (19) යෙදී තිබෙන අතර සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම බ්‍රහස්පතින්දා (18) දිවයිනෙන් පිටත්ව යාමට සැලසුම් කර ඇතැයිද මේ අතර වාර්තාවේ.


අදහස් (0)

අවසන් මොහොතේ සූදානමින් ලෝක තරග සංචාරයේ වියදම් ඉහළට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.