Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අයන් මෑන් තුන් ප්‍රයාම තරගාවලිය ඉරිදා

අයන් මෑන් තුන් ප්‍රයාම තරගාවලිය ඉරිදා

Nisanka Sandeepani - 2018 පෙබ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ආසියාවේදී පළමු වරට පැවැත්වෙන ‘අයන්මෑන් 70.3’ තුන්ප්‍රයාම තරගාවලිය ලබන ඉරිදා (25) පෙරවරු 6.00 සිට කොළඹ, ගාලු මුවදොර පිටිය කේණ්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. 

ලොව පුරා රටවල් ගණනාවක වාර්ෂිකව පැවැත්වෙන මෙම ‘අයන්මෑන් 70.3’ තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. රටවල් 63 ක් නියෝජනය කරමින් තරගකරුවන් 870 ක් පිරිමි සහ කාන්තා ලෙස කාණ්ඩ 2 ක් යටතේ මෙම තරගාවලියට සහභාගි වනු ඇත. 

ඊට ඉන්දියාවෙන් 133 ක්, බ්‍රිතාන්‍යයෙන් 76 ක්, ප්‍රංශයෙන් 47 ක්, ඕස්ට්‍රේලියා‍ෙන් 34 ක්, ඇමරිකාවෙන් 30 ක් සහ සිංගප්පූරුවෙන් 26 ක්ද බැගින් විදෙස් තරගකරුවන් රාශියක් ඇතුළත්ව සිටිති. 

මෙම තරගාවලිය අදිරය තුනකින් සමන්විතය. එහිදී තරගකරුවන්ට පිළිවෙලින් කිලෝ මීටර් 1.9 ක දුරක් පිහිනීමටත්, කිලෝ මීටර් 21.1 ක දුරක් දිවීමටත්, කිලෝ මිටර් 90 ක දුරක් පා පැදියක් පැද යෑමටත් සිදුවනු ඇත. 

මෙම තරගාවලියට සමගාමීව බාලක බාලිකාවන් සඳහාද වෙනම තුන් ප්‍රයාම තරගාවලියක් සෙනසුරාදා (24) පෙරවරු 10.00 සිට 12.00 දක්වා එම ස්ථානයේදීම පැවැත්වේ. එහිදී අවුරුදු 3-5 අතර වයස් කාණ්ඩයේ තරගකරුවන් මීටර් 500 ක දුරක්ද, 6-8 අතර වයස් කාණ්ඩයේ තරගකරුවන් කිලෝ මීටරයක දුරක්ද, 9-11 අතර වයස් කාණ්ඩයේ තරගකරුවන් කිලෝ මීටර් 1.5 ක දුරක්ද, 12-14 වයස් කාණ්ඩයේ වයස් කාණ්ඩයේ තරගකරුවන් කිලෝ මිටර් 2 ක දුරක්ද සම්පූර්ණ කළ යුතුය. 

මෙම තරගාවලි දෙකේම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා කුසලාන සහ සහතිකපත් පිරිනැමෙන අතර ත්‍යාග ප්‍රදානෝත්සවය ඉරිදා (25) පස්වරුවේදී කොළඹ ශ්‍රැංග්‍රිලා හෝටලයේදී පැවැත්වේ. 

‘ප්‍රෝ ආම් සෙරන්ඩිබ්’ සමාගම සංවිධානය කරන මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය කටයුතු කරයි. මාස් සමාගම, ශ්‍රැංග්‍රිලා හෝටලය, හේලීස් ආයතනය, ඩිල්මා තේ සමාගම, සෙලින්කෝ රක්ෂණ ආයතනය සහ ආසිරි සෞඛ්‍ය සේවය තරගාවලියේ සෙසු අනුග්‍රහකයෝ ලෙස කටයුතු කරති. 

-036 


අදහස් (0)

අයන් මෑන් තුන් ප්‍රයාම තරගාවලිය ඉරිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.