Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අනස් - ශ්‍යාමලී කැරම් ශූරතා දිනති

අනස් - ශ්‍යාමලී කැරම් ශූරතා දිනති

රොෂාන් ගුණරත්න - 2016 අගෝ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික මහා ක්‍රීඩා උළෙලේ කැරම් තරගාවලියට සහභාගිවන ඌව පළාත් කැරම් කණ්ඩායම තෝරා ගැනීමේ තරගාවලියේදී පිරිමි කේවළ ශූරතාව බදුල්ල දිස්තික්කයේ අනස් මොහොමඞ් විසින් දිනාගන්නා ලදි. බදුල්ල දිස්තික්කයේම ක්‍රීඩිකා උපේක්ෂිකා ශ්‍යාමලී කාන්තා කේවළ ශූරතාව දිනා ගත්තාය.


ඌව පළාත් කීඩා අධ්‍යක්ෂිකා ගීතා පතිරණවසම් මහත්මියගේ උපදෙස් පරිදි ඌව පළාත් කීඩා දෙපාර්තමේන්තුව මෙහෙය වු මෙම තරගාවලිය ශ්‍රී ලංකා කැරම් සම්මේලන නිලධාරීහු අධීක්ෂණය කළහ.


බදුල්ල, මොණරාගල යන දිස්ත්‍රික්කවල පදිංචිව සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග කළ මෙම තරගාවලියේ පිරිමි කේවළ අනුශූරතාව එස්.එම්.ශ්‍යාම්ඩීන්ට හිමිවිය. උපේක්ෂා සෙව්වන්දි කාන්තා කේවළ අනුශූරතාව දිනාගත්තාය.


මෙම තරගාවලියේ දස්කම් පෑ කීඩක කීඩිකාවෝ 14 දෙනෙක් ජාතික මහ ක්‍රීඩා උළෙලේ කැරම් තරගාවලියේ ඌව පළාත් කණ්ඩායමට ඇතුළත් වුහ.


ඌව පළාත් කැරම් (පිරිමි) කණ්ඩායම

අනස් අහමඞ්, එස්.එම්.ශ්‍යාම්ඩීන්, නුවන් රවින්ද්‍ර ශාන්, අයි.එස්.ගාමච්චිගේ, මොහොමඞ් ඉර්ෂාඞ්, එම්.මසාහීර්, කේ.ගෝපිෂාන්


ඌව පළාත් කැරම් (කාන්තා) කණ්ඩායම

උපේක්ෂිකා ශ්‍යාමලී, උපේක්ෂා සෙව්වන්දි, සලිනි ගුණපාල, සප්නා විජේකුමාර, උමයංගනී අනුත්තරා, පාහිමා මන්සූර්, දෛයි ෂේඛා

 


ඌව පළාත් පිරිමි කැරම් කණ්ඩායම


ඌව පළාත් කාන්තා කැරම් කණ්ඩායම


පිරිමි කේවළ ඉසව්වේ අවසන් තරගයෙන්


කාන්තා කේවළ ඉසව්වේ අවසන් තරගයෙන්

 


අදහස් (0)

අනස් - ශ්‍යාමලී කැරම් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.