Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)
ඉන්දුනීසියාවේ බතම් නුවරදී පැවැති ආසියානු ත්‍රෝ බෝල් ශූරතාවලියේදී පිරිමි සහ කාන්තා ශූරතා දෙකම දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙම තරගාවලිය පසුගය 2 වැනිදා සහ 3 වැනිදා පැවැත්විණ
ආසියානු ත්‍රෝ බෝල් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව, මැලේසියාව, ඉන්දියාව සහ ඉන්දුනීසියානු කණ්ඩායම් සහභාගි වූහ.
පිරිමි අවසන් තරගය සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව තරගයේ වැදුණු අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගයෙන් ජයගත්හ. කාන්තා අවසන් තරගයේදීත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තරග වැදීමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජයගත්හ.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වය අචිනි මධුෂානි විසින් දරණ ලදි. ඇයගේ උප නායිකාව ලෙස පකිර්තන් කිරුත්තික කටයුතු කළාය. කෙනන් ස්වරන් රම්මියා, උෂානි මදුෂිකා සහ මිනාලි බාන්ස් වැනි පලපුරුදු ක්‍රීඩිකාවන්ද තිලීනි ජයරත්න, සුබෝධා ගමගේ, පාස්කරන් සතුර්ජා, ජාති වික්ෂාන් යෝකිතා සහ කසුන්තා තස්සරණී වැනි නැගි එන ක්‍රීඩකාවෝ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එක්ව සිටියහ.
කණ්ඩායමේ පුහුණුකරු ලෙස ජානකී සමරතුංග මහත්මිය ද, සහාය පුහුණුකාරිණියන් ලෙස චානිකා චතුරංගනී සහ ස්වර්ණ ප්‍රනාන්දු යන අය ඇතුළත් වූහ.
පිරිමි කණ්ඩායමේ නායකත්වය ගිහාන් හංසජිත් විසින් දරන ලදි. උප උපනායකයා ලෙස උදාර ප්‍රියන්ත කටයුතු කළේය. ධනුජ තේනුක, තරිඳු ධනංජය, ෂෙනාන් ප්‍රනාන්දු, සිතීකා මෙත්සිලු, නිශාන්ත සචිනස්, තිනෙත් කාවින්ද්‍ය සහ මා ෆිල් කිරන් වැනි නවක ක්‍රීඩකයින්ද කණ්ඩායමට ඇතුළත් වූහ.
කණ්ඩායම කළමණාකරු ලෙසින් මොහොමඩ් ෆවාස් මහතා කටයුතු කළේය. කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස සිතුම් විමන්ත මහතා එක් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.