Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සචින් - බුවනෙක අවසන් යුගල 8 අතරට
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා

සචින් - බුවනෙක අවසන් යුගල 8 අතරට

editorial - 2022 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් පිරිමි යුගල ඉසව්වේ පෙර අර්ධ අවසන් පූර්ව වටය (16 දෙනාගේ) යටතේ අද (5 වැනිදා) පැවැති තරගයකදී මාලදිවයිනේ අහමඩ් නිබාල්ට සහ අජ්ෆාන් රෂීඩ්ට එරෙහිව වට 2-0 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ සචින් ඩයස් සහ බු‍වනෙක ගුණතිලක සමත් වූහ.

‍මෙම ජයග්‍රහණයත් සමග පිරිමි යුගල ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට (8 දෙනාගේ) සුදුසුකම් ලබාගැනීමටද සචින්ට සහ බු‍වනෙකට හැකි වූහ.‍ එහිදී ඔවුන් මැලේසියාවේ චෙන් පෙන්ග් සූන්ට සහ ටැන් කියාන් මෙන්ග්ට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අනිද්දා (7 වැනිදා) අළුයම 1.20 ට පැවැත්වේ.  

පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී සහභාගි වූ තරගයේ පළමු වටය ලකුණු 21/12 ක් ලෙස ජයගත් සචින් සහ බු‍වනෙක, දෙවැනි වටය ජයගත්තේ ලකුණු 21/08 ක් ලෙසිනි.


අදහස් (0)

සචින් - බුවනෙක අවසන් යුගල 8 අතරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.