Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ශ්‍රේණිගත තරග දෙසට

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ශ්‍රේණිගත තරග දෙසට

editorial - 2022 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

තායිලන්තයේදී දැන් පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලට (2022) නිර්දේශ ලබා ගැනීමේ හොකී තරග වටයේ දී ශ්‍රී ලංකාව ඊයේ (12) පැවැති තරගයක දී ඉන්දුනීසියාවට ගෝල 3-1 කින් පරාජය වීමෙන් අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව ඔවුන් වෙතින් ගිළිහුණි.

කෙසේ වුවත් මෙම නිර්දේශ තරග වටයට ශ්‍රී ලංකාව සහභාගිවීමේ අපේක්ෂාවට තවමත් හානියක් වී නැත්තේ මෙම තරගාවලියෙහි රටවල් හයකට 2022 ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගිවීමේ අවස්ථාව හිමිවන බැවිනි.

කෙසේ වුවත් මූලික වටයේ ශ්‍රී ලංකාවේ දස්කම් එක් තරගයකට පමණක් සීමා වූ අතර ඒ සිංගප්පූරුවට එරෙහිව ගෝල 5-2 ක් ලෙස වාර්තා කළ ජයයි.

එහි තවත් තරගයක දී ශ්‍රී ලංකාව බංග්ලාදේශය  වෙතින් පරාජය වූයේ ද ගෝල 3-1 කටය. ඉන්දුනීසියාවට එරෙහිව ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙතින් වාර්තා වූ එකම ගෝලය 19 වැනි විනාඩියේදී සඳරුවන් සුදසිංහ විසින් වාර්තා කරන ලදී.

එසේ වුවත් 20 වැනි විනාඩියේදී සිය පළමු ගෝලය වාර්තා කරමින් ඉන්දුනීසියානු කණ්ඩායම තරගය නිමා කළේ ගෝල 3-1 කටය. කෙසේ වුවත් 2014 ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේදී ශ්‍රී ලංකාව ඉන්දුනීසියාව පරාජය කිරීමට සමත්ව තිබේ.

රටවල් නවයක සහභාගිත්වයෙන් බැංකොක් නුවරදී ලබන ඉරිදා (15) දක්වා පැවැත්වෙන ආසියානු ක්‍රීඩා නිර්දේශ තරගාවලියේදී අවම හය වැනි ස්ථානය දක්වා පැමිණෙන කණ්ඩායම් හයකට හොකී (පිරිමි) ඉසව්වට සහභාගි වීමේ අවස්ථාව හිමිවේ.

 එහිදී ඉදිරියට හමුවන ශ්‍රේණිගත තරගවලදී ශ්‍රී ලංකාව අවම හයවැනි ස්ථානයවත් ඒ සඳහා තහවුරු කළ යුතුය.

 ආසියානු ක්‍රීඩා උළෙලේ හොකී (පිරිමි) ඉසව්ව සඳහා රටවල් 12 ක් තරග වදියි. සත්කාරක චීනය හැරෙන්නට දකුණු කොරියාව, ඉන්දියාව, ජපානය, පාකිස්ථානය, මැලේසියාව දැනටමත් ඊට නිර්දේශ ලබා සිටියි.

 තවත් රටවල් හයක් බැංකොක් නිර්දේශිත තරගාවලියෙන් නිර්දේශ තහවුරු කරගනු ඇත.

 වසර 2018 ජාකර්තා නුවරදී නිමාව දුටු පසුගිය (18 වැනි) ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව ගෝල 3-1 කට ඉන්දුනීසියාව පරාජය කිරීමට සමත්ව තිබේ. එහිදී ඉන්දියාව සමග පැවැති තරගයේ දී ශ්‍රී ලංකාවේ පරාජය සටහන් වන්නේ ගෝල 20 – 0 ක් පරිදිය.

ජපානයට ගෝල 11–0 කින් ද දකුණු කොරියාවට ගෝල 8-0 කින් ද එහිදී ශ්‍රී ලංකාව දරුණු පරාජයක් අත්කරගත් තවත් තරග දෙකකි. එහිදී ලෝකඩ පදක්කම හිමිකර ගත් ඉන්දියාව වෙතින් හොංකොං රාජ්‍යය ගෝල 26-0 ක වාර්තාගත පරාජයක් අත්කර ගෙන තිබේ.

 ශ්‍රී ලංකාව ද එහිදී හොංකොං ගෝල 4-1 කින් පරාජයට පත්කර තිබේ. ‘ජාකර්තා’ ආසියානු ක්‍රීඩා උළෙලේ හොකී (පිරිමි) ඉසව්වේ ශ්‍රී ලංකාව අත්කර ගත් ස්ථානය 8 වැනි ස්ථානයයි.

 වසර 2022 ට නියමිත 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ඔක්තෝබර් 10 වැනිදා සිට 25 වැනිදා දක්වා චීනයේ ‘හන්ජෝ’ නුවරදී පැවැත්වීමට නියමිතව තිබියදී මේ වන විට එය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

 


අදහස් (0)

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ශ්‍රේණිගත තරග දෙසට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.