Last Update  :  2025-12-17 19:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව ODI Cricket බංග්ලාදේශයට ලකුණු 39 ක ජයක්

බංග්ලාදේශයට ලකුණු 39 ක ජයක්

editorial - 2025 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන වයස 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ මූලික වටය අවසන් කරමින් අද (17 වැනිදා) පැවැති තරගයදී බංග්ලාදේශ කණ්ඩායම විසින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලකුණු 39 කින් පරාජය කරන ලදි. මෙම තරගයේ ප්‍රතිඵලයත් සමගින් බංග්ලාදේශය ‘බී’ කාණ්ඩයේ පෙරමුණට පත්වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්විය. 

ඒ අනුව අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඉන්දියානුවන් සමගත් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම පාකිස්තානුවන් සමගත් තරග වැදීමට නියමිතය. 

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරාගත්තේය. ඉතාම සාර්ථක ආරම්භයක් ලබාගත් බංග්ලාදේශීහු පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 84 ක සම්බන්ධතාවක් පැවැත්වූ අතර 29 වැනි ඕවර ආරම්භ වන විටත් ඔවුන්ගේ ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 2 කට 156 ක් ලෙසිනි. කෙසේ වෙතත් විරාන් චමුදිත විසින් බංග්ලාදේශ යොවුන් නායකා අසිසුල් හකීම් දවාගැනීමෙන් පසුව පිතිකරුවෝ එකා පසුපස එකා දැවී යන්නට වූහ. 

සම්මත පිට දඟ පන්දු යවන්නකුගේ භූමිකාව කදිමට නිරූපනය කළ කවිජ ගමගේ සිය ඕවර 10 ලකුණු 38 කට සීමා කරමින් කඩුලු 4 ක් දවාගත් අතර ඔහුගේ කඩුලු 4 ම පන්දුව කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය ඒවා විය. ඉතාමත් දක්‍ෂ අයුරින් උඩපන්දු දෙකක් ද රැකගත් ගමගේ තමන්ගේ අනාගතය සම්බන්ධයෙන් පැහැදිළි පෙරනිමිති පළ කර සිටියේය. 

බංග්ලාදේශ යොවුන් පිලේ අවසන් කඩුලු 8 ම ලකුණු 69 ක් තුළ ඇද වැටුණ නමුත් ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවෝ නොසිතූ ලෙසින් අසරණ වූහ. ලකුණු 18 ක් ඇතුළත ඉදිරිපෙළ පිතිකරුවන් සිව් දෙනකු දැවී යාම හේතුවෙන් මැද පෙළ පිතිකරුවෝ නොසිතූ පීඩනයකට ලක්වූහ. 

31 වැනි ඕවරය වන විට ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 5 ට 91 ක් ලෙසිනි. ඒ වන විට පන්දු 50 කින් හතරේ පහරක් ගැසීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට නොහැකි වූ අතර එතැන් සිට තරගය ජයගැනීමට නම් ඕවරයකදී ලකුණු 7 කට වැඩියෙන් ලබාගත යුතුව තිබිණ. මෙම අවස්ථාවේදී ශාරියාර් අල් අමීන්ට හයේ පහරකින් සංග්‍රහ කළ දුල්නිත් සිගේරා හිස එසවීමට උත්සාහ කළ නමුත් එකම ඕවරයකදී සිගේරාව මෙන්ම චාමික හීනැටිගලවත් පිටියෙන් ඉවත් කළ ශාරියාර් අහමඩ් ශ්‍රී ලංකා යොවුන් පිලේ බලාපොරොත්තු සියල්ලම අවසන් කළේය. 

ලකුණු 121 කට කඩුලු 7 ක් බිඳ වැටීමෙන් පසුව තිබුණේ අසීරු ගමනකි. ශ්‍රී ලංකා යෞවනයෝ එතැනදී අසාර්ථක වූහ. 


බංග්ලාදේශ යොවුන් කණ්ඩායම - ඕවර 46.3 කදී 225 යි
(සවාඩ් අබ්රාර් 49, රිෆාට් බෙග් 36, අසිසුල් හකිම් 29, කලාම් සිද්දික් 32, ෆාරීඩ් හසන් 29, රසිත්න නිම්සර 57/2, විරාන් චමුදිත 19/2, කවිජ ගමගේ 38/4)

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම - ඕවර 49.1 කදී 186 යි
(දිමන්ත මහවිතාන 13, විරාන් චමුදිත 12, විමත් දින්සර 17, චාමික හීනටිගල 41, දුල්නිත් සිගේරා 14, ඇඩම් හිල්මි 39, රසිත් නිම්සර 12, ඉක්බාල් හොසේන් එමොන් 37/3, සමිඋන් බෂීර් 27/2, ශාරියාර් අහමඩ් 27/3)

- 213


අදහස් (0)

බංග්ලාදේශයට ලකුණු 39 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.