
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ක්‍රයිස්ට්චර්ච්හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 7 ක තියුණු ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් විය. මෙම ජයත් සමග තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද නවසීලන්තයට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 270 ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 262 ක් පමණි. ජස්ටින් ග්‍රේව්ස් නොදැවී ලකුණු 38 ක්ද, රොමාරියෝ ශෙපර්ඩ් නොදැවී ලකුණු 26 ක්ද ලබා කොදෙව් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි නමුත් ඔවුන්ට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූහ.
පන්දු 24 කදී වාර්තා වූ ග්‍රේව්ස්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සමන්විත වූ අතර පන්දු 19 කදී වාර්තා වූ ශෙපර්ඩ්ගේ ඉනිමට හතේ පහරක් සහ හතරේ පහරක් ඇතුළත් විය. ඔවුන් දෙදෙනා එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ගොඩනැගූ නොබිඳුණු සම්බන්ධතාව ලකුනු 53 කි. කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ශර්ෆේන් රදර්ෆෝඩ් පන්දු 61 කින් ලකුණු 55 ක් රැසකළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 269 ක් රැස්කළ අතර එහිදී පන්දු 118 කට මුහුණ දෙමින් අගනා ශතකයක් ලබාගත් ඩර්ලි මිචෙල් (119) හයේ පහර 2 කින් සහ හතරේ පහර 12 කින් එය අලංකාර කළේය. තෙවැනි කඩුල්ල සඳහා ඩෙවෝන් කොන්වේ (49) සමග එක්ව පන්දු 72 කදී ලකුණු 67 ක් සහ පස්වැනි කඩුල්ල සඳහා මයිකල් බ්‍රාස්වෙල් (35) සමග එක්ව පන්දු 86 කින් ලකුණු 69 ක් එක්කිරීමටද මිචෙල් සමත් විය.
නවසීලන්ත පිල - ඕවර 50 කදී කඩුලු 7 කට 269
(ඩෙවෝන් කොන්වේ 49, ඩර්ල් මිචෙල් 119, ටොම් ලේතම් 18, මයිකල් බ්‍රාස්වෙල් 35, සකාරි ෆෝල්ක්ස් නොදැවී 22, ජේඩ්න් සීල්ස් 41/3, මැතිව් ෆෝඩ් 55/2)
බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 50 කදී කඩුලු 6 කට 262
(ඇල්ක් ඇතෑන්ස් 29, කීසි කාටි 32, ශායි හෝප් 37, ශර්ෆේන් රදර්ෆෝඩ් 55, රොස්ටන් චේස් 16, ජස්ටින් ග්‍රේව්ස් නොදැවී 38, රොමාරියෝ ශෙපර්ඩ් නොදැවී 26, කයිල් ජැමීසන් 52/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.