Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner ළාබාල ඒරන්ගෙන් ලොකු හපන්කමක්

ළාබාල ඒරන්ගෙන් ලොකු හපන්කමක්

ශනුක අරවින්ද - 2017 අප්‍රේ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තායිලන්තයේ බුරිරැම් ජාත්‍යන්තර ධාවන පථයේදී පැවැති ආසියානු මාර්ග ධාවන යතුරුපැදි ශූරතාවලියේ දෙවැනි අදියරේ අනු ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ ඒරන් ගුණවර්ධන සමත් විය.

සුසුකි ජී. එක්ස්. එස්. ආර්. (2017) වර්ගයේ යතුරුපැදියක් භාවිතා කරමින් තරගයට සහභාගි වූ ඒරන්, වට 7 කින් සමන්විත වූ තරගය විනාඩි 16 යි, තත්ත්පර 07 කින් (16:07.214) නිමා කරමින් එහිදී දෙවැනි ස්ථානයට හිමිකම් කීවේය.

තවමත් 13 වැනි වියේ පසුවන ඒරන්, මේ දක්වා ආසියානු මාර්ග ධාවන යතුරුපැදි ශූරතාවලියේදී ලබා ඇති ඉහළම ජයග්‍රහණය මෙය වන අතර මෙම ජයග්‍රහණයත් සමගින් එවන් දස්කමක් දැක්වූ ළාබාලතම ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත්වීමටද ඔහු සමත් විය.

තරගාවලියට සහභාගි වූ ඒරන් සහ ඔහුගේ සහායක කණ්ඩායම ඊයේ (18 වැනිදා) අළුයම දිවයිනට ලගා වූ අතර එහිදී ඔහු පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ සහ යතුරුපැදි සම්මේලනයේ නිලධාරීන් පිරිසක් ගුවන්තොටුපොළට පැමිණ සිටියහ. ඒ අතර මොටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව සහ මොටෝ ක්‍රොස් යතුරුපැදි ශූර ගයාන් සඳරුවන්ද වූහ.

දෙවැනි අදියරේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට විනාඩි 16 යි, තත්ත්පර 06 කින් (16:06.086) තරගය නිමා කළ ජපානයේ ටෙට්සුයා ෆුජිටා සමත් විය. විනාඩි 16 යි, තත්ත්පර 08 කින් (16:08.969) තරගය නිමා කළ ඉන්දුනීසියාවේ අහමඞ් සවුගි මුච්තාර් එහි තෙවැනි ස්ථානයට පත් විය.

ශ්‍රී ලංකාව, ජපානය, තායිලන්තය, ඉන්දුනීසියාව, පිලිපීනය, නේපාලය, ඉන්දියාව, ඕස්ටේ්‍රලියාව සහ මැලේසියාව යන රටවල් නියෝජනය කරමින් මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයෝ 16 දෙනෙක් සහභාගි වූහ.

අදියර 6 කින් සමන්විත වන මෙම ශූරතාවලියේ තෙවැනි අදියර ජූලි මස 3 වැනිදා සහ 4 වැනිදා ජපානයේදී පැවැත්වීමට නියමිතය.


අදහස් (0)

ළාබාල ඒරන්ගෙන් ලොකු හපන්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.