‘එක්ස්ටීම් ෆෝ වීලර්ස්’ ක්‍රීඩා සමාජය දෙවැනි වරට සංවිධානය කළ ‘බිහිසුණු භූමියේ අභියෝගය’ සිවු සක මෝටර් රථ තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට චමින්ද දරිජු සහ ඔහුගේ සහායක රියැදුරු දමිත් ප්‍රනාන්දු සමත් වූහ.
| සමස්ත තරග ප්‍රතිඵල | ||
| 1 | චමින්ද දරිජු (රියැදුරු) සහ දමිත් ප්‍රනාන්දු (සහායක රියැදුරු) | ලකුණු 300 |
| 2 | ශිහාර තිළිණ (රියැදුරු) සහ රවිඳු ධනංජය (සහායක රියැදුරු) | ලකුණු 280 |
| 3 | ප්‍රිනිත් මනම්පේරි (රියැදුරු) සහ චානුක ආටිගල (සහායක රියැදුරු) | ලකුණු 261 |
| 4 | පාලිත රණසිංහ (රියැදුරු) සහ ලක්ෂිත සඳරුවන් (සහායක රියැදුරු) | ලකුණු 249 |
| 5 | වජිර ධර්මන් (රියැදුරු) සහ සම්පත් රණසිංහ (සහායක රියැදුරු) | ලකුණු 243 |
| 6 | ගයාන් පුෂ්පකුමාර (රියැදුරු) සහ සුමිත් ප්‍රනාන්දු (සහායක රියැදුරු) | ලකුණු 226 |
| 7 | ලසන්ත ජගත්ප්‍රිය (රියැදුරු) සහ දිනුක නිරෝෂන් (සහායක රියැදුරු) | ලකුණු 208 |
| 8 | දිනේෂ් අප්පුහාමි (රියැදුරු) සහ අංජු උමේෂ් (සහායක රියැදුරු) | ලකුණු 188 |
| 9 | ගයාන් අරපක්ෂ (රියැදුරු) සහ නාමල් නානායක්කාර (සහායක රියැදුරු) | ලකුණු 120 |
සෙල්ලකතරගමදී පැවැති මෙම තරගාවලිය අදියර 3 කින් සමන්විත වූ අතර කිසිදු ඍණ ලකුණක් ලබානොගෙන එම අදියර 3 ම ඉතා සාර්ථක ලෙස නිමා කරමින් චමින්ද සහ දමිත් තරගාවලියේ ශූරතාවට හිමිකම් කීහ. එක් අදියරකදී ක්‍රීඩකයකුට ලබාගත හැකි ඉහළම ලකුණු සංඛ්‍යාව (100 බැගින්) ලබාගනිමින් අදියර 3 දී මුළු ලකුණු 300 ක් ලබාගැනීමට ඔවුහු සමත් වූහ.
චමින්දට සහ දමිත්ට ඉතා තියුණු තරගයක් දුන් ශිහාර තිළිණ සහ ඔහුගේ සහායක රියැදුරු රවිඳු ධනංජය සමස්ත අනුශූරතාව දිනාගත්තේ මුළු ලකුණු 280 ක් ලබාගනිමිනි. අදියර 3 දී ඔවුන් ලකුණු ලබාගත්තේ 90 ක්, 95 ක් සහ 95 ක් ලෙසිනි. ලකුණු 20 ක පරතරයකින් ශිහාර සහ රවිඳු දෙවැනි ස්ථානයට පත් වූහ.
මුළු ලකුණු 261 ක් ලබාගත් ප්‍රිනිත් මනම්පේරි (රියැදුරු) සහ චානුක ආටිගල (සහායක රියැදුරු) සමස්ත තරගාවලියේ තෙවැනි ස්ථානයත්, මුළු ලකුණු 249 ක් ලබාගත් පාලිත රණසිංහ (රියැදුරු) සහ ලක්ෂිත සඳරුවන් (සහායක රියැදුරු) සිව්වැනි ස්ථානයත් හිමිකරගත්හ. ප්‍රිනිත් සහ චානුක ලකුණු 84 ක්, 87 ක් සහ 90 ක් බැගින්ද, පාලිත සහ ලක්ෂිත ලකුණු 90 ක්, 81 ක් සහ 78 ක් බැගින්ද අදියර 3 දී ලකුණු ලබාගත්හ.
පළමු අදියරේ එක් කොටසක් වූ අංශක 45 කට වැඩි ආනතියකින් සහ අඩි 75 ක පමණ දුරකින් යුක්ත බාධක සහිත බෑවුම වානේ ආධාරකය භාවිතා නොකර බැසයෑම නිසා වජිර ධර්මන් සහ ඔහුගේ සහායක රියැදුරු සම්පත් රණසිංහ ‘බිහිසුණු භූමියේ’ අභීත වීරයන්ට හිමි සම්මානය දිනාගත්හ.
අභීත වීරයන්ට හිමි සම්මානය දිනාගත් නමුත් ඔවුන් දෙදෙනා තරගයේ අදියර තුනේදී පිළිවෙලින් ලකුණු 75 ක්, 84 ක් සහ 84 බැගින් මුළු ලකුණු 243 ක් ලබාගත් වජිරට සහ සම්පත් සමස්ත තරගයේදී හිමිවූයේ 5 වැනි ස්ථානයයි.
මැක්සික්ස් ටයර් සමාගමේ අනුග්‍රහයෙන් පැවැති මෙම තරගාවලිය තරග සඳහා කණ්ඩායම් 12 ක් සහභාගි වූ අතර මෝටර් රථ වල හටගත් තාක්ෂණික දෝෂ නිසා කණ්ඩායම් 3 කට අදියර 3 නිමා කිරීමට නොහැකි විය.
|
|
|
|
|
|
|
|
‘බිහිසුණු භූමියේ අභියෝගය’ සිවු සක මෝටර් රථ තරගාවලියේ උණුසුම් අවස්ථා...
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.