‘සියැට් - ස්ලාඩා’ මෝටර් රථ සහ යතුරුපැදි සම්මාන රාත්‍රියේදී වසරේ දක්ෂතම මෝටර් රථ රියැදුරු ලෙස උෂාන් පෙරේරාත්, දක්ෂතම යතුරුපැදිකරු ලෙස ඉෂාන් දසනායකත් සම්මාන දිනාගත්හ.
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ ශූරතාව දිනාගනිමින් උෂාන් පෙරේරා දක්ෂතම රියැදුරු සම්මානය දිනාගත්තේය. එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ශූරතාව දිනාගනිමින් ඉෂාන් දසනායක දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්විය.
දක්ෂතම මෝටර් රථ කණ්ඩායම ලෙස උෂාන් පෙරේරා සහ මාලික කුරුවිටාරච්චි නියෝජනය කළ සියැට් කණ්ඩායම සම්මාන දිනාගනිද්දී, දක්ෂතම යතුරුපැදි කණ්ඩායම ලෙස ඉවෝන් බී. ගුරුසිංහ සහ දේෂාන් සොලංකි නියෝජනය කළ සියැට් කණ්ඩායම සම්මාන දිනගත්තේය.
මේ වසරේ අප්‍රේල් මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා ශ්‍රී ලංකා මෝටර් රථ රියැදුරන්ගේ සංගමය විසින් ශ්‍රී ලංකා යුද හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග එක්ව සංවිධානය කරනු ලැබූ නරියා කන්ද සුපර්ක්‍රොස්, ගනර් සුපර්ක්‍රොස්, සීගිරිය රැලික්‍රොස්, ගජබා සුපර්ක්‍රොස් සහ කටුකුරුන්ද රොදර්හැම් යන තරගාවලිවලදී දස්කම් දැක්වූ ක්‍රීඩකයෝ මෙම සම්මාන උළෙලේදී ඇගැයීමට ලක්වූහ.
මෙම සම්මාන උළෙලේදී මෝටර් රථ රියැදුරන් සඳහා සම්මාන 7 ක්ද, යතුරුපැදිකරුවන් සඳහා සම්මාන 6 ක්ද ප්‍රදානය කෙරිණි.
|
|
|
|
|
|
මෝටර් රථ අංශයේ සම්මාන ලාභියෝ
■ එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මෝටර් රථ ශූරතාව - ඬේවින් සේරසිංහ
■ එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ ශූරතාව - කුෂාන් පීරිස්
■ එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ ශූරතාව - සකීර් වහබ්
■ එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ ශූරතාව - කුෂාන් පීරිස්
■ එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ ශූරතාව - ඉර්ෆාන් ෆෝඞ්
■ එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ ශූරතාව - ටිරෝන් හෙන්ඳාවිතාරණ
■ එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ ශූරතාව - උෂාන් පෙරේරා
යතුරුපැදි අංශයේ සම්මාන ලාභියෝ
■ එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 16 න් පහළ) ශූරතාව - කවිඳු කෙවිටියාගල
■ එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සන්නද්ධ සේවා රේසිං යතුරුපැදි ශූරතාව - සමීර ප්‍රේමරත්න
■ එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ශූරතාව - ඉෂාන් දසනායක
■ ‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි (ස්ටී්‍රට් ටේ්‍රල්) ශූරතාව - ඉවෝන් බී. ගුරුසිංහ
■ මෝටර් ජී. පී. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) යතුරුපැදි ශූරතාව - ශොයෙල් ඩැනියෙල්
■ එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ශූරතාව - ඉෂාන් දසනායක
දක්ෂතම මෝටර් රථ රියැදුරා ශූරතාව
■ උෂාන් පෙරේරා
දක්ෂතම යතුරුපැදිකරුවා ශූරතාව
■ ඉෂාන් දසනායක
මෝටර් රථ කණ්ඩායම් ශූරතාව
■ සියැට් කණ්ඩායම (උෂාන් පෙරේරා සහ මාලික කුරුවිටාරච්චි)
යතුරුපැදි කණ්ඩායම් ශූරතාව
■ සියැට් කණ්ඩායම (ඉවෝන් බී. ගුරුසිංහ සහ දේෂාන් සොලංකි)
‘සියැට් - ස්ලාඩා’ මෝටර් රථ සහ යතුරුපැදි සම්මාන රාත්‍රිය - 2016 විශේෂ අවස්ථා...
(ඡායාරූප - ශානුක අරවින්ද)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.