Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගජබා සුපර් ක්‍රොස් තරගාවලියේ ප‍්‍රධානතම මෝටර් රථ තරගය වන එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ තරගයේ අද (31 වැනිදා) පැවති කාලය මැනීමේ පෙරහුරු තරගයේදී හොඳම කාලය වාර්තා කළ අශාන් සිල්වා එම ඉසව්වේ ඉදිරිපෙළ ආරම්භක ස්ථානය දිනාගැනීමට සමත්විය. අශාන් එම ඉසව්වේ වටයක් නිමා කිරීමට ගතකළ කාලය තත්. 53.253 කි.
ඒ අනුව හෙට දිනයේදී තරගය ආරම්භ කරන විට ඔහුට පිටුපසින් සිටින්නේ අද තරගයේදී වටයක් තත්. 54.503 කින් අවසන් කළ පසිඳු පීරිස් සහ වටයක් තත්. 55.800 කින් අවසන් කළ අරවින්ද පේ‍්‍රමදාසයි.
එස්. එල්. එච්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 1600 දක්වා) මෝටර් රථ තරගයේ හොඳම කාලය (තත්. 59.949) වාර්තා කළේද අශාන් සිල්වාමය.
තම පි‍්‍රයතම තරග ඉසව්ව වන එස්. එල්. එන්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 1500 දක්වා) මෝටර් රථ තරගයේ හොඳම කාලය වාර්තා කිරීමට උපුල්වන් සේරසිංහ (විනාඩි 1 තත්. 02.094) සමත්වෙද්දී, ට‍්‍රක් සහ ජීප් කාණ්ඩයේ මෝටර් රථ තරගයේ හොඳම කාලය වාර්ථා කිරීමට ඉශ්රාක් වහබ් (තත්. 58.317) සමත්විය.
තවමත් වයස අවුරුදු 16 ක් පමණක් වන දමිත් වීරසිංහ එස්. එල්. එන්. කාණඩයේ (සිලින්ඩර ධාරිතාව 1000 දක්වා) නවීනකරනය නොකරන ලද මෝටර් රථ තරගය් මෙන්ම එස්. එල්. එන්. කාණඩයේ (සිලින්ඩර ධාරිතාව 1300 දක්වා) ෆෝඞ් ලේසර් / මැස්ඩා තරගයේද හොඳම කාලයන් වාර්තා කිරීමට සමත්වූයේ කාගේත් අවධානය දිනාගනිමිනි.
අද (සෙනසුරාදා) පැවැති කාලය මැනීම් තරග
එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ තරගය
අශාන් සිල්වා - තත්. 53.253
පසිඳු පීරිස් - තත්. 54.503
අරවින්ද පේ‍්‍රමදාස - තත්. 55.800
ට‍්‍රක් සහ ජීප් කාණ්ඩයේ විවෘත මෝටර් රථ තරගය
ඉශ්රාක් වහබ් - තත්. 58.317
දිනේෂ් සේනානායක - වි: 1 තත්. 00.718
දුමින්ද ජයසිංහ - වි: 1 තත්. 02.776
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබරු මෝටර් රථ තරගය
ශාන්ත සුරවීර - වි:1 තත්. 04.502
චමින්ද ධර්මවර්දන - වි:1 තත්. 06.002
සංජය සේදර සෙනරත් - වි: 1 තත්. 06.849
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ තරගය
අශාන් සිල්වා - තත්. 59.949
ඉශ්රාක් වහබ් - වි: 1 තත්. 01.465
දමිත් වීරසිංහ - වි: 1 තත්. 01.614
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ තරගය
උපුල්වන් සේරසිංහ - වි: 1 තත්. 02.094
ලලින් කිරින්ද - වි: 1 තත්. 02.534
කුෂාන් පීරිස් - වි: 1 තත්. 02.700
එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ තරගය
කෞෂාල් සමරසිංහ - තත්. 59.452
මිස්සක නවීන් - වි: 1 තත්. 01.522
මනිල් අබේරත්න - වි: 1 තත්. 01.771
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ තරගය
දමිත් වීරසිංහ - වි : 1 තත්. 02.824
උපුල්වන් සේරසිංහ - වි: 1 තත්. 02.878
කුෂාන් පීරිස් - වි: 1 තත්. 02.953
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) නවීනකරනය නොකරන ලද මෝටර් රථ තරගය
ශාන්ත සුරවීර - වි: 1 තත්. 02.999
බුද්දික රුක්ලන්ත - වි: 1 තත්. 05.291
යොහාන් විජේසිරිවර්ධන - වි: 1 තත්. 05.670
එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) කුඩා 7 මෝටර් රථ තරගය
ලක්මාල් විජේරත්න - වි: 1 තත්. 12.086
නිහල් බුල්ජන්ට්ස් - වි: 1 තත්. 13.766
විකී වික‍්‍රමසිංහ - වි: 1 තත්. 16.473
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) නවීනකරනය නොකරන ලද මෝටර් රථ තරගය
දමිත් වීරසිංහ - වි: 1 තත්. 03.105
කුෂාන් පීරිස් - වි: 1 තත්. 03.944
උෂාන් ද සිංල්වා - වි: 1 තත්. 03.972
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.