Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports ෆෝමියුලා I ගෝන් ප්‍රී ඉතිහාසයේ අද්වීතීය ශූරයා ෂූමාකර්

ෆෝමියුලා I ගෝන් ප්‍රී ඉතිහාසයේ අද්වීතීය ශූරයා ෂූමාකර්

editorial - 2020 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A




ෆෝමියුලා I ඉතිහාසයේ අද්වීතීය ශුරයා ලෙස හත් වතාවක් ලෝක ශූරයා වූ මයිකල් ෂූමාකර් නම් කර තිබේ. 1950 දී සිල්වර්ස්ටෝන් හි පැවති පළමු ලෝක ශූරතා ගෝන් ප්‍රී තරගාවලියේ 70 වැනි සංවත්සරය දිනයේදී ක්‍රීඩා ලෝලීන්ගේ මනාපයෙන් මෙම තෝරා ගැනීම කරන ලදී.


හිම මත ලිස්සා යාමේදී 2013 දී සිදුවූ දරුණු අනතුරකින් හිසට බරපතල තුවාල සිදුවී ඇති බැවින් ෂූමාකර් මේ වන විට ප්‍රසිද්ධියේ පෙනී නොසිටී. ෆෝමියුලා I ඉතිහාසයේ විශිෂ්ටතමයා තේරීමේදී බර්නි එක්ලෙස්ටන්ට වඩා 61% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ෂූමාකර් අවසන් මහා තරඟයේදී ජය ලැබීය.


හය වතාවක් ශූරයා වූ ලුවිස් හැමිල්ටන් ජයග්‍රහණය ආසන්නයටම පැමිණියද ජර්මානු ජාතික ෂූමාකර් ශූරතා සහ ධාවන ජයග්‍රහණ 91 ක් ලබාගනිමින් වාර්තාවක් තබා ඇත.


තරගාවලියේ පෙර වටවලදී ෂූමාකර් විසින් මේ වන විට ජීවතුන් අතර නැති, හිටපු ලෝක ශූරයන් වන නිකී ලවුඩා, අයර්ටන් සෙනා සහ ජුවාන් මැනුවෙල් ෆැන්ගියෝ මෙන්ම කණ්ඩායම් නිර්මාතෘ එන්සෝ ෆෙරාරිද පරාජය කරන ලදී.

- 2079


අදහස් (0)

ෆෝමියුලා I ගෝන් ප්‍රී ඉතිහාසයේ අද්වීතීය ශූරයා ෂූමාකර්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.