Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports හැමිල්ටන් මර්සිඩීස් ගිවිසුම අලුත් කරයි

හැමිල්ටන් මර්සිඩීස් ගිවිසුම අලුත් කරයි

editorial - 2021 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ෆෝමියුලා-I රියදුරු, බ්‍රිතාන්‍යයේ ලුවිස් හැමිල්ටන් සිය  මර්සිඩීස් ක්ඩායම සමග වසර දෙකක නව ගිවිසුමක් අත්සන් තබා ඇත. එම ගිවිසුම ලබන වසර (2022) ආරම්භයේ සිට 2023 වසර අවසානය දක්වා බල පැවැත්වෙනු ඇත.

මේ වන විට 36 වැනි වියේ පසුවන ලුවිස් හැමිල්ටන්, සිය ලෝක ශූරතා 7 න් 6 ක්ම දිනා ඇත්තේ 2012 වසරේදී මර්සිඩීස් කණ්ඩායම සමග එක්වීමෙන් පසුවය. 2007 වසරේ සිට 2012 වසර දක්වා මැක්ලරන් කණ්ඩායම නියෝජනය කළ ඔහුට එම කාල වකවානුව තුළදී දිනාගත හැකි වූයේ එක් ලෝක ශූරතාවක් පමණි.

මෙම වසරේදී ෆෝමියුලා-I කාණ්ඩයේ සිය 8 වැනි ලෝක ශූරතාව හඹායමින් සිටින ‍හැමිල්ටන්, එහිදී රෙඩ් බුල් කණ්ඩායමේ මැක්ස් වර්ස්ටපාන්ට පසුපසින් සිටියි. මෙම වසර තුළ මෙතෙක් පැවැති ගෝන් ප්‍රී තරග 8 න් 4 ක් ජයගැනීමට වර්ස්ටපාන් සමත්ව සිටින අතර 3 ක ජය තමන් සතුකර ගැනීමට හැමිල්ටන් සමත්ව සිටියි.

මෙම වසරේ තරගවාරය නිමාවීමට තවත් ගෝන් ප්‍රී තරග 15 ක් ඉතිරිව තිබේ. මේ වන විට රියැදුරු ශ්‍රේණිගත කිරීම් අතරේ දෙවැනි ස්ථානයේ පසුවන හැමිල්ටන් (ලකුණු 150),  එහි පෙරමුණේ රැදී සිටින වර්ස්ටෙපාන්ට (ලකුණු 182) වඩා ලකුණු 32 ක් පසුපසින් සිටියි.

"ධාවන පථයේදී මෙන්ම ඉන් පිටතදීත් අපට තව බොහෝ දේ අත්කර ගත හැකියි. ක්‍රීඩාවේ විවිධත්වය හා සමානාත්මතාවය වැඩි දියුණු කිරීම සඳහා මර්සිඩීස් කණ්ඩායම මට දුන් සහයෝගය පිළිබඳව මම හුඟක් සතුටට පත්වෙනවා." යැයි ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව හැමිල්ටන් පැවසීය.

ලබන වසර (2021) ආරම්භ වීමට තවත් මාස 5 ක පමණ කාලයක් ඉතිරිව තිබියදී හැමිල්ටන් මෙම ගිවිසුම අත්සන් කළේය. ඔහු සිය ක්‍රීඩා දිවිය තුළ ඉදිරි වසර කිහිපයක් සඳහා වේලාසනින්ම ගිවිසුමකට එළඹුන පළමු අවස්ථාවද මෙය විය.

-036

 


අදහස් (0)

හැමිල්ටන් මර්සිඩීස් ගිවිසුම අලුත් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.