Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports සෙබස්තියන් ලොබ් යළිත් ජය මාවතට
ඩකාර් රැළිය - 2022

සෙබස්තියන් ලොබ් යළිත් ජය මාවතට

editorial - 2022 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සවුදි අරාබියේදී පැවැත්වෙන මෙවර ඩකාර් රැළියේ අද (9 වැනිදා) පැවැති හත්වැනි අදියර ජයගැනීමට ප‍්‍රංශයේ සෙබෙස්තියන් ලොබ් සමත් විය. රියාධ් ප‍්‍රදේශයේ සිට අල් දවදිමි ප‍්‍රදේශය දක්වා කිලෝ මීටර් 701 ක දුරකින් සමන්විත වූ එම අදියර ජය ගැනීම සඳහා ලොබ්ට පැය 3 යි විනාඩි 09 යි, තත්ත්පර 32 ක කාලයක් ගත විය.

මේ වන විට 47 වැනි වියේ පසුවන ලොබ් සිය කී‍්‍රඩා දිවිය තුළදී ලැබූ 15 ඩකාර් රැළි අදියර ජයග‍්‍රහණය මෙය විය. මෙම ජයග‍්‍රහණයත් සමග යළිත් වරක් සමස්ත තරගයේ 2 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමටද ලොබ් සමත් විය. ලොබ්ට වඩා විනාඩි 5 යි, තත්ත්පර 26 ක් පසුපසින් තරගය නිමා කළ කටාරයේ නේසර් අල් අතියා හත්වැනි අදියරේ දෙවැනි ස්ථානයට පත්විය.

හයවැනි අදියර අවසානයේ සමස්ත තරගයේ තෙවැනි ස්ථානය දක්වා පසු බැසීමට සිදුවූ ලොබ්, යළිත් වරක් එහි දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේ දෙවැනි ස්ථානයේ පසුවූ සවුදි අරාබියේ යසීඞ් අල් රාජි පසුපසට ඇද දමමිනි. තවදුරටත් සමස්ත තරගයේ පෙරමුණ රැක ගැනීමට අල් අතියා සමත්ව සිටින අතර අදිරය 7 නිමා කිරීම සඳහා ඔහුට ගතවී ඇති මුළු කාලය පැය 23 යි, විනාඩි 52 යි, තත්ත්පර 22 කි.

හත්වැනි අදියර ජයගැනීමෙන් අනතුරුව තමා සහ සමස්ත තරගයේ පෙරමුණේ පසුවන අල් අතියා අතර පැවැති කාල පරතරය විනාඩි 50 යි, තත්ත්පර 25 සිට විනාඩි 44 යි, තත්ත්පර 59 ක් දක්වා අඩුකර ගැනීමටද ලොබ් සමත් විය. සමස්ත තරගයේ තෙවැනි ස්ථානයේ පසුවන අල් රාජි සහ අල් අතියා අතර පවතින කාල පරතරය විනාඩි 53 යි, තත්ත්පර 31 කි.

හත්වැනි අදියරේ තෙවැනි සහ සිවුවැනි ස්ථාන හිමිකර ගැනීමට ස්පාඤයේ කාර්ලෝස් සේන්ස් සහ ප‍්‍රංශයේ ස්ටීවන් පීටර්හැන්සල් සමත් වූ අතර ඔවුන් දෙදෙනා පිළිවෙලින් ලොබ්ට වඩා විනාඩි 7 යි, තත්ත්පර 43 ක් සහ විනාඩි 9 යි, තත්ත්පර 40 ක් පසුපසින් එම අදියර නිමා කළහ. ලොබ්ට වඩා විනාඩි 10 යි, තත්ත්පර 03 ක් පසුපසින් සිටි යසීඞ් අල් රාජි හත්වැනි අදියරේ පස්වැනි ස්ථානයට පත්විය.


හත්වැනි අදියරේ ප‍්‍රතිඵලය
1 සෙබෙස්තියන් ලොබ් (ප‍්‍රංශය) - පැය 3 යි, විනාඩි 09 යි, තත්ත්පර 32 යි
2 නේසර් අල් අතියා (කටාරය) - පැය 3 යි, විනාඩි 14 යි, තත්ත්පර 58 යි
3 කාර්ලෝස් සේන්ස් (ස්පාඤ්ඤය) - පැය 3 යි, විනාඩි 17 යි, තත්ත්පර 15 යි
4 ස්ටීවන් පීටර්හැන්සල් (ප‍්‍රංශය) - පැය 3 යි, විනාඩි 19 යි, තත්ත්පර 12 යි
5 යසීඞ් අල් රාජි (සවුදි අරාබිය) - පැය 3 යි, විනාඩි 19 යි, තත්ත්පර 35 යි


සමස්ත තරගයේ ප‍්‍රතිඵල
1 නේසර් අල් අතියා (කටාරය) - පැය 23 යි, විනාඩි 52 යි, තත්ත්පර 22 යි
2 සෙබෙස්තියන් ලොබ් (ප‍්‍රංශය)- පැය 24 යි, විනාඩි 37 යි, තත්ත්පර 21 යි
3 යසීඞ් අල් රාජි (සවුදි අරාබිය) - පැය 24 යි, විනාඩි 45 යි, තත්ත්පර 53 යි
4 ලූසියෝ අල්වාරෙස් (ආර්ජන්ටිනාව) - පැය 25 යි, විනාඩි 07 යි, තත්ත්පර 31 යි
5 ජකූබ් ප‍්‍රසිගොන්ස්කි (පෝලන්තය) - පැය 25 යි, විනාඩි 22 යි, තත්ත්පර 26 යි


-036

 


අදහස් (0)

සෙබස්තියන් ලොබ් යළිත් ජය මාවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.