Last Update  :  2024-03-29 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports ස්පාඤ්ඤ ගෝන් ප්‍රී ශූරයා හැමිල්ටන්

ස්පාඤ්ඤ ගෝන් ප්‍රී ශූරයා හැමිල්ටන්

editorial - 2021 මැයි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ස්පාඤ්ඤයේ බාසිලෝනාහි කැටලූනා ධාවන පථයේදී ඉරිදා (9 වැනිදා) පැවැති ස්පාඤ්ඤ ගෝන් ප්‍රී තරගය ජයගැනීමට මර්සිඩීස් කණ්ඩායමේ ලුවිස් හැමිල්ටන් සමත් විය. මෙම වසර (2021) තුළ පැවැත්වෙන ෆෝමියුලා -I තරග මාලාවේ සිව්වැනි ගෝන් ප්‍රී තරගය මෙය වූ අතර එහිදී හැමිල්ටන් ලැබූ තෙවැනි ජයග්‍රහණයද මෙයයි.
 
වට 66 කින් සමන්විත වූ සමස්ත තරගය නිමා කිරීම සඳහා හැමිල්ටන්ට පැය 1 යි, විනාඩි 33 යි, තත්පර 07.680 ක කාලයක් ගතවිය. මෙම ජයග්‍රහණයත් සමග ලකුණු 25 ක් ලබාගත් හැමිල්ටන්, මුලු ලකුණු 94 ක් ලබා තවදුරටත් රියදුරන් ශේණිගත කිරීම් අතරේ පෙරමුණ රැකගැනීමටද සමත් විය.

සුදුසුකම් ලැබීමේ අදියරේදී එක් වටයක් නිමා කිරීම සඳහා විනාඩි 1 යි, තත්පර 16.741 ක අවම කාලයක් වාර්තා කිරීම හේතුවෙන් අංක එක ස්ථානයේ සිට තරගය ආරම්භ කළ හැමිල්ටන්, තරගය තුළදී වටයක් නිමා කිරීම සඳහා වැය කළ අවම කාලය විනාඩි 1 යි, තත්පර 20.655 කි. මෙය සිය ක්‍රීඩා දිවිය තුළ හැමිල්ටන් ඉදිරිපෙළ ආරම්භක ස්ථාන දිනාගත් 100 වැනි අවස්ථාව ලෙසද සටහන් විය.

හැමිල්ටන්ට වඩා තත්පර 15.841 ක් පසුපසින් තරගය නිමා කළ රෙඩ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායමේ මැක්ස් වර්ස්ටපෙන් සහ තත්පර 26.610 ක් පසුපසින් තරගය නිමා කළ මර්සිඩීස් කණ්ඩායමේ වෙල්ටරි බොටාස් පිළිවෙලින් එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගත්හ. වර්ස්ටපෙන් දෙවැනි ස්ථානයේ සිටද, බොටාස් තෙවැනි ස්ථානයේ සිටද තරගය ආරම්භ කළහ.

තරගයේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීම වෙනුවෙන් වර්ස්ටපෙන්ට ලකුණු 19 ක් හිමිවිය. තරග 4 කින් අනතුරුව මුලු ලකුණු 80 ක් ලබා සිටින ඔහු, මේ වන විට ක්‍රීඩක ශේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ රැදී සිටියි. මෙම තරගයේදී ලබාගත් ලකුණු 15 ත් සමග මුලු ලකුණු ලකුණු 47 ක් හිමිකර ගැනීමට බොටාස් සමත්ව සිටින අතර තවදුරටත් ඔහු ක්‍රීඩක ශේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයේ පසුවෙයි.
හැමිල්ටන් සහ බොටාස් නියෝජනය කරන මර්සිඩීස් කණ්ඩායම මේ වන විට ලකුණු 141 ක් ලබා කණ්ඩායම් ශේණිගත කිරීම්හි පෙරමුණ ගෙන සිටියි. රෙඩ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායම ලකුණු 112 ක් සමග එහි දෙවැනි ස්ථානයේ පසුවන අතර මැක්ලරන් මර්සිඩීස් කණ්ඩායම ලකුණු 65 ක් සමග තෙවැනි ස්ථානයේ රැදී සිටියි.

ෆෝමියුලා ෂ තරගාවලියට අයත් මොනාකෝ ගෝන් ප්‍රී තරගය මේ මස 23 වැනිදාද, අසර්බයිජාන ගෝන් ප්‍රී තරගය ජූනි මස 6 වැනිදාද, තුර්කි ගෝන් ප්‍රී තරගය ජූනි මස 13 වැනිදාද පැවැත්වීමට නියමිතය.


තරග ප්‍රතිඵල
1 ලුවිස් හැමිල්ටන් (මර්සිඩීස්) - පැය 1:33:07.680
2 මැක්ස් වර්ස්ටපෙන් (රෙඩ්බුල් රේසිං හොණ්ඩා) - පැය 1:33:23.521
3 වෙල්ටරි බොටාස් (මර්සිඩීස්) - පැය 1:33:34.290
4 චාල්ස් ලැක්ලර්ක් (ෆෙරාරි) - පැය 1:34:02.296
5 සර්ජියෝ පෙරේස් (රෙඩ්බුල් රේසිං හොණ්ඩා) - පැය 1:34:11.351
6 ඩැනියෙල් රිකාඩෝ (මැක්ලරන් මර්සිඩීස්) - පැය 1:34:21.448
7 කාර්ලෝස් ස්න්ස් (ෆෙරාරි) - පැය 1:34:22.350
8 ලැන්ඩෝ නොරිස් (මැක්ලරන් මර්සිඩීස්) - ජයග්‍රාහකයාට වටයක් පසුපසින්
9 එස්ටෙබන් ඕකන් (ඇල්ෆයින් රෙනෝල්ට්) - ජයග්‍රාහකයාට වටයක් පසුපසින්
10 පෙයිරී ගාස්ලි (ඇල්ෆා හොණ්ඩා) - ජයග්‍රාහකයාට වටයක් පසුපසින්


-036

 


අදහස් (0)

ස්පාඤ්ඤ ගෝන් ප්‍රී ශූරයා හැමිල්ටන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.