Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports ලෝක ශූරතාවලියට ගෝන් ප්‍රී තරග 23 ක්
ෆෝමියුලා-I

ලෝක ශූරතාවලියට ගෝන් ප්‍රී තරග 23 ක්

editorial - 2022 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙම වසරේ ‍ෆෝමියුලා-I ලෝක ශූරතාවලිය සඳහා ලොව පුරා රටවල් 21 කදී පැවැත්වෙන ‍ගෝන් ප්‍රී තරග 23 කින් ඇතුළත් කිරීමට ෆෝමියුලා තරග සංවිධායකයන් පියවර ගෙන තිබේ. මාර්තු මාස 20 වැනිදා පැවැත්වෙන බහරේන්‍ ගෝන් ප්‍රී තරග‍යෙන් ආරම්භ වන මෙම වසරේ ෆෝමියුලා-I‍ ලෝක ශූරතාවලිය නොවැම්බර් මස 20 වැනිදා පැවැත්වෙන අබුඩාබි ගෝන් ප්‍රී තරගයෙන් නිමාවට පත්වීමට නියමිතය.

මෙවර ලෝක ශූරතාවලියට ඇතුළත් ගෝන් ප්‍රී තරග 23 න් 4 බැගින් ජූලි සහ ඔක්තෝබර් මාසවලදී පැවැත්වෙන අතර ඉන් 3 බැගින් මැයි සහ සැප්තැම්බර් මාසවලදී පැවැත්වෙනු ඇත. මාර්තු, අප්‍රේල්, ජූනි සහ නොවැම්බර් යන මාසවලදී තරග 2 බැගින් පැවැත්වෙන අතර අගෝස්තු මාස‍යේදී එක් තරගයක් පැවැත්වේ.

මෙම වසර තුළ ඉතාලියේදී සහ ඇමරිකාවේදී ගෝන් ප්‍රී තරග 2 බැගින් පැවැත්වීමට සංවිධායකයන් කටයුතු යොදා තිබේ.  බහරේනය, සවුදි අරාබිය, ඕස්ට්‍රේලියාව, ස්පාඤ්ඤය, මොනාකෝ, අසර්බයිජානය, කැනඩාව, එංගලන්තය, ඔස්ට්‍රියාව, ප්‍රංශය, හංගේරියාව, බෙල්ජයම, නෙදර්ලන්තය, රුසියාව, සිංගප්පූරුව, ජපානය, මෙක්‍සිකෝව, බ්‍රසීලය සහ අබුඩාබි යන රටවලදී එක් ගෝන් ප්‍රී තරගය බැගින් පැවැත්වීමට නියමිතය.

මෙම සෑම ගෝන් ප්‍රී තරගයක්ම ඉරිදා දිනවලදී පැවැත්වෙන අතර තරගයක් පැවැත්වෙන සතියේ සිකුරාදා දිනය ක්‍රීඩකයන්ට පුහුණුවීම සඳහා වෙන්කර තිබේ. තරගයේ ආරම්භක ස්ථාන ලබාදීම වෙනුවෙන් පැවැත්වෙන කාල ගණනයන් සෙනසුරාදා දිනයේදී පැවැත්වීමටද සංවිධාය‍කයන් කටයුතු යොදා තිබේ.

 

ෆෝමියුලා-I කාලසටහන

1.      මාර්තු 20 - බහරේන්‍ ගෝන් ප්‍රී තරගය
2.      මාර්තු 27 - සවුදි අරාබි ගෝන් ප්‍රී තරගය
3.      අප්‍රේල් 10 - ‍ඕස්ට්‍රේලියානු ගෝන් ප්‍රී තරගය
4.      අප්‍රේල් 24 - එමිලියා රොමන්ගා ගෝන් ප්‍රී තරගය (ඉතාලිය)
5.      මැයි 8 - මියාමි ගෝන් ප්‍රී තරගය (ඇමරිකාව)
6.      මැයි 22 - ස්පාඤ්ඤ ගෝන් ප්‍රී තරගය
7.      මැයි 29 - මොනාකෝ ගෝන් ප්‍රී තරගය
8.      ජූනි 12 - අසර්බයිජාන ගෝන් ප්‍රී තරගය
9.      ජූනි 19 - කැනඩා ගෝන් ප්‍රී තරගය
10.  ජූලි 03 - එංගලන්ත ගෝන් ප්‍රී තරගය
11.  ජූලි 10 - ඔස්ට්‍රියා ගෝන් ප්‍රී තරගය
12.  ජූලි 24 - ප්‍රංශ ගෝන් ප්‍රී තරගය
13.  ජූලි 31 - හංගේරියානු ගෝන් ප්‍රී තරගය
14.  අගෝස්තු 28 - බෙල්ජියම් ගෝන් ප්‍රී තරගය
15.  සැප්තැම්බර් 04 - නෙදර්ලන්ත ගෝන් ප්‍රී තරගය
16.  සැප්තැම්බර් 11 - ඉතාලි ගෝන් ප්‍රී තරගය
17.  සැප්තැම්බර් 25 - රුසියානු ගෝන් ප්‍රී තරගය
18.  ඔක්තෝබර් 02 - සිංගප්පූරු ගෝන් ප්‍රී තරගය
19.  ඔක්තෝබර් 09 - ජපන් ගෝන් ප්‍රී තරගය
20.  ඔක්තෝබර් 23 - ඇමරිකානු ගෝන් ප්‍රී තරගය
21.  ඔක්තෝබර් 30 - මෙක්සිකෝ ගෝන් ප්‍රී තරගය
22.  නොවැම්බර් 13 - බ්‍රසීල ගෝන් ප්‍රී තරගය
23.  නොවැම්බර් 20 - අබුඩාබි ගෝන් ප්‍රී තරගය

-036


අදහස් (0)

ලෝක ශූරතාවලියට ගෝන් ප්‍රී තරග 23 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.