Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports ලුවිස් හැමිල්ටන් නම වෙනස් කරන්න යයි

ලුවිස් හැමිල්ටන් නම වෙනස් කරන්න යයි

editorial - 2022 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තම මවට කරන ගෞරවයක් වශයෙන් තමාගේ නමට මවගේ නමේ කොටසක් ඇතුළත් කිරීමට එංගලන්තයේ ලුවිස් හැමිල්ටන් තීරණය කර ඇත. හත්වරක් ෆෝමියුලා ලෝක ශූරතාව දිනා සිටින ලුවිස් හැමිල්ටන්ගේ පියා ඔහුගේ මවගෙන් දික්කසාද වූයේ ලුවිස් ඉතා කුඩා කාලයේදීය.

මේ වන විට 37 වැනි වියේ පසුවන හැමිල්ටන් එංගලන්තයේදී උපත ලද අතර ඔහුගේ පියා වන ඇන්තනී හැමිල්ටන් සහ කාමෙන් ලාබලෙස්ටියර් අතර පැවැති විවාහය, ලුවිස්ගේ උපතින් මඳ කලකට පසු නිමාවිය. එදා සිට තමාව උස්මහත් කිරීම වෙනුවෙන් මවට සහ සුළු මවටද තමා ඉතාමත් ණයගැති බවද ලුවිස් හැමිල්ටන් කියයි.

“මගේ මවගේ වාසගම ‘ලාබලෙස්ටියර්’ කියලා ඔබලා කවුරුවත් දන්නෙ නැතුව ඇති. මම දැන් හදන්නේ මගේ නමට ඒ කොටසත් එකතු කරගන්න. මට තේරෙන්නෙ නෑ ඇයි විවාහ වුණාට පස්සෙ කාන්තාවන්ට එයාලගෙ වාසගම අහිමි වෙන්නෙ කියලා. මට අවශ්‍යයි මගේ අම්මගෙ නම, ‘හැමිල්ටන්’ කියන නමත් එක්ක එකතු කරන්න” යැයි මෙවර ෆෝමියුලා ෂ කාණ්ඩයේ ලෝක ශූරතාවලියේ පළමු අදියර ලෙස පැවැත්වෙන බහරේන් ගෝන් ප්‍රී තරගයට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලුවිස් හැමිල්ටන් කියා සිටියේය. ඔහු වැඩිදුරටත් කීවේ මෙවර ශූරතාවලියේදී තමා නම වෙනස් කරමින් තරග වදින බවය.

කෙසේ වුවත් මෙවර ශූරතාවලියේදී ඔහු තරග වදින නාම හෙළිදරව් කිරීමට හැමිල්ටන් මෙතෙක් පියවර ගෙන නොමැත.

“අටවැනි ලෝක ශූරතාව හඹායන ගමනේදී මගේ මවගේ නම භාවිතා කිරීම ඇගේ පවුලට කරන ගෞරවයක් විදියටයි මම දකින්නෙ. ඇත්ත වශයෙන්ම මම මගේ මව හුඟක් ගැන ආඩම්බර වෙනවා.”යැයි ද හැමිල්ටන් පැවසීය.

-036

 


අදහස් (0)

ලුවිස් හැමිල්ටන් නම වෙනස් කරන්න යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.