Last Update  :  2025-09-17 13:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports යෙවාන් ඩේවිඩ් යළිත් තරග බිමට

යෙවාන් ඩේවිඩ් යළිත් තරග බිමට

editorial - 2025 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

‘යූරෝ ෆෝමියුලා’ ශූරතාව සඳහා යුරෝපී රටවල්වලදී පැවැත්වෙන ෆෝමියුලා-1 තරගාවලි මාලාවේ 6 වැනි අදියරේදී ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ්, මාස එකහමාරකට පසුව යළිත් තරග බිමට පිවිසීමට සූදානමින් සිටියි. තරග මාලාවේ 6 වැනි අදියර ඕස්ටි්‍රයාවේ ස්පීල්බර්ග්හි රෙඩ්බුල් ධාවන පථයේදී මෙම මස 6 සහ 7 යන දිනවලදී පැවැත්වීමට නියමිතය. 

අදියර 5 ක් අවසානයේ ලකුණු 213 ක් ලබා සිටින ඩේවිඩ්, ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන අතර ඔහුට වඩා ලකුණු 17 ක් ඉදිරියෙන් සිටින පෝලන්තයේ ටයිමෙක් කුචර්සික් ලකුණු 230 ක් ලබා එහි පෙරමුණ ගෙන සිටියි. තෙවැනි ස්ථානයේ පසුවන කොරියාවේ මයිකල් ෂින් (ලකුණු 212) සහ ඩේවිඩ් අතර ඇත්තේද ලකුණක පරතරයකි. 

මෙම තරගාවලියේ මුල් අදියර 3 අවසන් වන විට ලකුණු 163 ක් ලබා ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි ඩේවිඩ්, 4 වැනි අදියරේදී දෙවැනි ස්ථානය දක්වා ඇද වැටිණ. 5 වැනි අදියරේදී ලබාගත් ලකුණු සංඛ්‍යාව ඔහුට යළිත් ලකුණු සටහනේ පෙරමුණ හිමිකර ගැනීම සඳහා ප්‍රමාණවත් නොවීය. 

මෙම තරගා මාලාවේදී එක් තරගයක පළමු ස්ථානය සඳහා ලකුණු 25 ක්ද, දෙවැනි ස්ථානය සඳහා ලකුණු 18 ක්ද, තෙවැනි ස්ථානය සඳහා ලකුණු 15 ක්ද, සිවුවැනි ස්ථානය සඳහා ලකුණු 12 ක්ද, පස්වැනි ස්ථානය සඳහා ලකුණු 10 ක්ද, හයවැනි ස්ථානය සඳහා ලකුණු 8 ක්ද, හත්වැනි ස්ථානය සඳහා ලකුණු 6 ක්ද, අටවැනි ස්ථානය සඳහා ලකුණු 4 ක්ද, නමවැනි ස්ථානය සඳහා ලකුණු 2 ක්ද, 10 වැනි ස්ථානය සඳහා ලකුණු 1 ක්ද, ඉදිරිපෙළ තරග ආරම්භක ස්ථානය සහ වේගවත්ම වටය සඳහා එක් ලකුණ බැගින්ද ලබා දෙනු ඇත. 

මෙය යෙවාන්ගේ පළමු ‘යූරෝ ෆෝමියුලා’ තරගාවලි මාලාව වන අතර මුල් අදියර 4 දීම දක්ෂතම නැඟී එන ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගැනීමටද ඔහු සමත් විය. 5 වැනි අදියරේදී ඔහුට දක්ෂතම නැඟී එන ක්‍රීඩකයා සම්මානය අහිමි වී ගිය නමුත්, සමස්ත තරග මාලාවේ එම සම්මානය සඳහා වන ලකුණු සටහනේ ලකුණු 136 ක් ලබා තරවදුරටත් පෙරමුණ රැකගැනීමට ඔහුට හැකි විය. 

මෙම අදියරට අමතරව ‘යූරෝ ෆෝමියුලා’ තරගාවලි මාලාවේ තවත් අදියර 2 ක් මෙම වසර තුළදී පැවැත්වීමට නියමිතව තිබේ. එම තරගාවලි සැප්තැම්බර් මස 25 වැනිදා සිට 27 වැනිදා දක්වා ස්පාඤ්ඤයේදීද, ඔක්තෝබර් මස 16 වැනිදා සිට 18 වැනිදා දක්වා ඉතාලියේදීද පැවැත්වීමට නියමිතය. 

 


අදහස් (0)

යෙවාන් ඩේවිඩ් යළිත් තරග බිමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.