
( කටුනායක ටී.කේ.ජී.කපිල )
යුරෝපයේ පැවති " යුරෝ ෆෝමියුලා විවෘත ශූරතා තරගාවලියේ " අනුශූරතාවය සහ එම තරගාවලියේ " රුකී ශූරතාවය " දිනා ගත් ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර යෙවාන් ඩේවිඩ් සිකුරාදා (24) අලුයම ශ්‍රී ලංකාවට පැමිණියේය .
රටවල් අටක පැවති යුරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ අවසාන තරගය ඉතාලියේ මොන්ෂා ධාවන පථයේ පවත්වා තිබූ අතර , සමස්ථ තරගාවලියේ අනුශූරතාවය , එහිදී හිමි කර ගැනීමට යෙවාන් ඩේවිඩ් සමත් වී තිබුණි .
යෙවාන් ඩේවිඩ් උසස් පෙළ විභාගය සදහා අධ්‍යාපන කටයුතු වල නිරත වී සිටින , තවමත් 18 හැවිරිදි වියේ පසුවන පාසැල් ශිෂ්‍යයෙකි. යෙවාන් ඩේවිඩ් පිළිගැනීම සදහා ඔහුගේ පවුලේ සමීපතම ඥාතීන් පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.