Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports මර්සිඩීස්ලා හැමිල්ටන් අත නොහරී

මර්සිඩීස්ලා හැමිල්ටන් අත නොහරී

editorial - 2021 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ෆෝමියුලා - 1 ලෝක ශූරයා වන ලුවිස් හැමිල්ටන් 2021 ගෝන් ප්‍රී තරග වාරය සඳහා මර්සිඩීස් කණ්ඩායම සමග නව ගිවිසුමක් අත්සන් කර තිබේ. හැමිල්ටන් සහ මර්සිඩීස් කණ්ඩායම අතර මින් පෙර පැවැති ගිවිසුම 2020 වසරෙන් අවසන් වූ නමුත් මේ වන විට ඔහු නමවැනි වසරටත් මර්සිඩීස් කණ්ඩායම වෙනුවෙන් තරග වැදීමට සූදානමින් සිටියි.

ඉකුත් වසර (2020) අවසන් වන විට හැමිල්ටන්, ෆෝමියුලා-1 ධාවන පථයේ වඩාත්ම සාර්ථක රියදුරා බවට පත්වූයේ මයිකල් ෂූමාකර්ගේ ජයග්‍රහණ වාර්තාව (92) බිඳ දමමින් සහ ලෝක ශූරතා වාර්තාව (7) සම කරමිනි.

“එක්ව වැඩ කිරීම තුළින් අපගේ කණ්ඩායම ඇදහිය නොහැකි දේවල් අත්කර ගෙන තිබෙනවා. ධාවන පථයෙදී මෙන්ම සහ ඉන් පිටතදීත් දිගින් දිගටම එක්ව වැඩ කිරීමෙන් තව දුරටත් අපගේ සාර්ථකත්වය වර්ධනය ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.” යැයි එහිදී හැමිල්ටන් පැවසීය.

හැමිල්ටන් සමග දිගටම වැඩ කිරීම සඳහා මර්සිඩීස් කණ්ඩායම එළඹ ඇති ගිවිසුමට මෝටර් රථ ක්‍රීඩාවේ විවිධත්වයක් ඇති කිරීම සහ ඊට නවාංග එක් කිරීම ඇතුළත්ව තිබේ.  නව ඒකාබද්ධ පුණ්‍යාධාර පදනමක් නිර්මාණය කිරීම සඳහා එහිදී ඔවුන් කටයුතු කිරීමට නියමිත අතර මර්සිඩීස් කණ්ඩායටමෙන් ඒ සඳහා ඉහළ දායකත්වයක් ලැබෙන බව හැමිල්ටන් පවසයි.

“මෙම ක්‍රීඩාවට විවිධත්වය හා නවාංග එක් කිරීම සඳහා කැපවූ පදනමක් ඇති කරමින් අපි මේ වසරේදී එම උත්සාහය තවදුරටත් ගෙන යන බව මම ආඩම්බරයෙන් කියනවා. අපට එකට එක්ව ගොඩනගා ගත හැකි සියල්ලෙන් මම මහත් ආශ්වාදයක් ලැබුවා. මාර්තු මාසයේදී නැවත ධාවන පථයට පැමිණීමට මම නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා.” යැයි එහිදී හැමිල්ටන් පැවසීය.

මාර්තු මස 28 වැනිදා බහරේන් ගෝන් ප්‍රී තරගයෙන් වසර 2021 ෆෝමියුලා - 1 කාණ්ඩයේ තරගවාරය ආරම්භ වේ. එය අවසන් වන්නේ දෙසැම්බර් මස 12 වැනිදා පැවැත්වෙන අබුඩාබි ගෝන් ප්‍රී තරගයෙනි


-036

 


අදහස් (0)

මර්සිඩීස්ලා හැමිල්ටන් අත නොහරී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.