
සවුදි අරාබියේදී පැවැත්වෙන මෙවර ඩකාර් රැළියේ අද (12 වැනිදා) පැවැති 10 වැනි අදියර ජයගැනීමට 14 වරක් ඩකා රැළිය ජයගෙන සිටින ප‍්‍රංශයේ ස්ටීවන් පීටර්හැන්සල් සමත් විය. වාදි අද් දවසිර් ප‍්‍රදේශයේ සිට බිෂා ප‍්‍රදේශය දක්වා කිලෝ මීටර් 759 ක දුරකින් සමන්විත වූ එම අදියර ජය ගැනීම සඳහා පීටර්හැන්සල්ට පැය 2 යි විනාඩි 52 යි, තත්ත්පර 43 ක කාලයක් ගත විය.
මේ වන විට 56 වැනි වියේ පසුවන පීටර්හැන්සල් සිය කී‍්‍රඩා දිවිය තුළදී ලැබූ 82 වැනි ඩකාර් රැළි අදියර ජයග‍්‍රහණය මෙය විය. ඉන් අදිරය 49 ක් මොටර් රථයෙන් ජය ලැබූ ඔහු, සෙසු අදියර 33 ජයගත්තේ යතුරුපැදියෙනි. පීටර්හැන්සලට වඩා විනාඩි 2 යි, තත්ත්පර 06 ක් පසුපසින් තරගය නිමා කළ ස්පාඤයේ කාර්ලෝස් සේන්ස් 10 වැනි අදියරේ දෙවැනි ස්ථානයට පත්විය.
10 වැනි අදියරේ 7 වැනි ස්ථානයට පත් වුවද, තවදුරටත් සමස්ත තරගයේ පෙරමුණ රැුක ගැනීමට කටාරයේ නේසර් අල් අතියා සමත්ව සිටියි. අදිරය 10 නිමා කිරීම සඳහා ඔහුට ගතවී ඇති මුළු කාලය පැය 33 යි, විනාඩි 13 යි, තත්ත්පර 37 කි. කෙසේ වුවත් 10 වැනි අදියරේ පස්වැනි ස්ථානයට පත්වෙමින් තමා සහ අල් අතියා අතර පැවැති කාල පරතරය අඩුකර ගැනීමට සමස්ත තරගයේ දෙවැනි ස්ථානයේ පසුවන ප‍්‍රංශයේ සෙබස්තියන් ලොබ් සමත් විය.
නමවැනි අදියරෙන් අනතුරුව තමා සහ අල් අතියා අතර පැවැති විනාඩි 39 යි, තත්ත්පර 05 ක කාල පරතරය 10 වැනි අදියර නිමා වන විට විනාඩි 32 යි, තත්ත්පර 40 ක් දක්වා අඩුකර ගැනීමට ලොබ්ට හැකි විය. සමස්ත තරගයේ තෙවැනි ස්ථානයේ පසුවන සවුදි අරාබියේ යසීඞ් අල් රාජි සහ අල් අතියා අතර පවතින කාල පරතරය විනාඩි 55 යි, තත්ත්පර 48 කි.
10 වැනි අදියරේ තෙවැනි සහ සිවුවැනි ස්ථාන හිමිකර ගැනීමට ආර්ජන්ටිනාවේ ඔර්ලන්ඩෝ ටෙරනෝවා සහ දකුණු අපි‍්‍රකාවේ හෙන්ක් ලැටෙගන් සමත් වූහ. ඔවුන් දෙදෙනා පිළිවෙලින් පීටර්හැන්සල්ට වඩා විනාඩි 3 යි, තත්ත්පර 59 ක් සහ විනාඩි 4 යි, තත්ත්පර 11 ක් පසුපසින් එම අදියර නිමා කළහ. සෙබෙස්තියන් ලොබ් 10 වැනි අදියරේ පස්වැනි ස්ථානයට පත්වූයේ පීටර්හැන්සල්ට වඩා විනාඩි 4 යි, තත්ත්පර 25 ක් පසුපසින් තරගය නිමා කරමිනි.
නමවැනි අදියරේ ප‍්‍රතිඵලය
1 ස්ටීවන් පීටර්හැන්සල් (ප‍්‍රංශය) - පැය 2 යි, විනාඩි 52 යි, තත්ත්පර 43 යි
2 කාර්ලෝස් සේන්ස් (ස්පාඤය) - පැය 2 යි, විනාඩි 54 යි, තත්ත්පර 49 යි
3 ඔර්ලන්ඩෝ ටෙරනෝවා (ආර්ජන්ටිනාව) - පැය 2 යි, විනාඩි 56 යි, තත්ත්පර 42 යි
4 හෙන්ක් ලැටෙගන් (දකුණු අපි‍්‍රකාව) - පැය 2 යි, විනාඩි 56 යි, තත්ත්පර 54 යි
5 සෙබෙස්තියන් ලොබ් (ප‍්‍රංශය) - පැය 2 යි, විනාඩි 57 යි, තත්ත්පර 08 යි
සමස්ත තරගයේ ප‍්‍රතිඵල
1 නේසර් අල් අතියා (කටාරය) - පැය 33 යි, විනාඩි 13 යි, තත්ත්පර 37 යි
2 සෙබෙස්තියන් ලොබ් (ප‍්‍රංශය) - පැය 33 යි, විනාඩි 46 යි, තත්ත්පර 17 යි
3 යසීඞ් අල් රාජි (සවුදි අරාබිය) - පැය 34 යි, විනාඩි 09 යි, තත්ත්පර 25 යි
4 ඔර්ලන්ඩෝ ටෙරනෝවා (ආර්ජන්ටිනාව) - පැය 34 යි, විනාඩි 42 යි, තත්ත්පර 55 යි
5 ජකූබ් ප‍්‍රසිගොන්ස්කි (පෝලන්තය) - පැය 34 යි, විනාඩි 54 යි, තත්ත්පර 39 යි

-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.