Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports නරියාකන්ද අනතුරේ වින්දිතයන්ට වන්දි

නරියාකන්ද අනතුරේ වින්දිතයන්ට වන්දි

editorial - 2024 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල්  පතිරගේ)

දියතලාවේ  නරියාකන්ද ධාවන  පඨයේදී  අප්‍රේල්  21 වැනිදා   සිදුවූ මාරක අනතුරෙන්  මිය ගිය පුද්ගලයන්  හත් දෙනාට  රුපියල්  මිලියනයක් බැගින්ද  ඉන් තුවාල  ලැබූ 23 දෙනෙකුට  රුපියල්   ලක්ෂ දෙකහාමාරක් බැගින්ද  වන්දි  මුදලක් ලබාදීමට තිරණය  කළ බව ක්‍රීඩා ඇමැති  හරීන්  ප්‍රනාන්දු  මහතා පැවසීය.

මෙම  වන්දි  මුදල්  ප්‍රධානය දැනටමත්  ආරම්භ  කර ඇතැයිද ඇමැතිවරයා  පැවැසුවේ  ඊයේ (3) කොල්ලුපිටිය  සංචාරක  අමාත්‍යාංශයේදී පැවැති විශේෂ  මාධ්‍ය  හමුවකදීය.

එහිදී  වැඩිදුරටත්  අදහස්  දැක්වූ ඇමැතිවරයා  මෙම  සිදුවීමේදී ක්‍රීඩා  අමාත්‍යාංශය මුනිවත  රකිමින් සිටි බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප  කරන බවත් මේ සම්බන්ධයෙන්  විමර්ෂන වාර්තා ලැබෙන තුරු ක්‍රීඩා  අමාත්‍යාංශයට මැදිහත් විම් කළ නොහැකි  බවත් පැවසීය.

මේ පිළිබඳව   එහිදී  මාධ්‍යවේදීන්  කළ විමසීම්  වලට  පිළිතුරු  දෙමින්  ඇමැතිවරයා  මෙසේද පැවැසීය.

"මගේ වෙලාවට මම ඔය අනතුර  වෙන වෙලාවේ එතන හිටියේ නෑ. නැතිනම් ඒකටත් කියයි මම හිටපු  නිසා ඒකත් වුණා  කියලා.අපි මුනිවත  රැක්කේ නෑ.මෙම අනතුර  ගැන සිදු කෙරෙන ඉදිරි විමර්ෂන වාර්තා පදනම් කර ගනිමින් ක්‍රීඩා  අමාත්‍යාංශය  අනිවාර්යයෙන්ම   ඊට මැදිහත්වීමක්   කරනවා.මෙම  සිදුවීම ගැන මට කියන්න තියෙන්නේ මුදලින්  ජීවිත තක්සේරු  කළ නොහැකි බවයි"

ඉකුත්  අප්‍රේල්  21වැනිදා දියතලාවේ නරියාකන්ද  ධාවනපථයේදී  පැවැත්වෙමින් තිබූ නරියාකන්ද  සුපර් ක්‍රොස්  තරගාවලියේදී  සිදුවූ  මාරක අනතුරෙන් මෙලෙස  කුඩා දැරියක් ඇතුළුව  පුද්ගලයන් 8 දෙනෙකු මිය ගියහ. තරග ඉසව්වකදී ධාවනය  වෙමින් තිබූ මෝටර්  රටයක්  නරඹන්නන්  අතරට කඩා වැදීමෙන් සිදුවූ එම අනතුරෙන්  23 දෙනකු තුවාල ලැබීය.

"මෙතනදී අපි තවත් තේරුම් ගත යුතු කාරණයක් වන්නේ මේ අනතුර එළියේ වුණු දෙයක් නොවෙයි එය ධාවන පඨයක් ඇතුළෙ  තරගයකදී  සිදු වුණු දෙයක් බව " යයිද ඇමැතිවරයා  වැඩිදුරටත්  පැවැසීය.

මෙම  මාධ්‍ය  හමුවේදී  තව දුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා  ශ්‍රී ල‍‍ංකා සහාය  දිවීමේ  කණ්ඩායමට බහාමාස්  ලෝක  සහාය  දිවීමේ  තරග සංචාරය  අහිමි වු බවත් එහිදි  මෙම  ප්‍රශ්නයට මැදිහත්වූ ශ්‍රී  ල‍‍ංකාවේ ඇමරිකානු  තානාපතිනියට ස්තුති වන්ත වන බවද පැවැසීය.

මෙවැනි කටයුත්තක් සදහා  අනුගමනය  කළ  යුතු  ක්‍රියා පිළිවෙත  ඉටු නොකිරීම  ගැන තමන් ශ්‍රී  ල‍‍ංකා මලල ක්‍රීඩා  ආයතනයට අවවාද  කළ බවත් ඇමැති හරීන් ප්‍රනාන්දු  මහතා  එහිදි  වැඩිදුරටත්  පැවසීය. බහමාස් හිදී අද සහ හෙට ( 4 - 5) පැවැත්වීමට  නියමිත ලෝක සහය  දිවීමේ  තරගාවලියට සහභාගි වීමට නියමිතව සිටි ශ්‍රී  ල‍‍ංකා සහාය  දිවීමේ කණ්ඩායමට ශ්‍රී  ල‍‍ංකාවේ ඇමරිකානු තානාපති  කාර්‍යාලය  එරට  හරහා ගමන් කිරිමට වීසා ලබාදීම මුල් අවස්ථාවේදී ප්‍රතික්ෂේප  කළ සිදුවීමක් නිසා  එය අත්හැර දැමීමට  ශ්‍රී  ල‍‍ංකා මලල  ක්‍රීඩා  ආයතනයට සිදු විය.

එහිදි  මලල  ක්‍රීඩා  ආයතනය ප්‍රමාණවත්  කාලයක් ලබා ගනිමින්  ඒ සදහා  සූදානම් නොවීම ගැන ඊයේ මාධ්‍ය  හමුවේදී  ඇමතිවරයා මලල ක්‍රීඩා  ආයතනය  විවේචනය කර සිටියේය.අදාළ තරග සංචාරයේ දී ක්‍රීඩකයන්ගේ ගුවන්  ප්‍රවේශ  පත්‍ර  අවලංගු  කිරිමට  ගත් බව කියන තීරණයක්ද ඇමැතිවරයාා මෙහිදී  විවේචනය කර සිටියේය.


අදහස් (0)

නරියාකන්ද අනතුරේ වින්දිතයන්ට වන්දි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.