Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports දීර්ඝතම ෆෝමියුලා-I තරගමාලාව 2021 දී

දීර්ඝතම ෆෝමියුලා-I තරගමාලාව 2021 දී

editorial - 2021 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ෆෝමියුලා-I හි පාලක මණ්ඩලය වන අන්තර්ජාතික මෝටර්රථ ක්‍රීඩා සම්මේලනය (එෆ්.අයි.ඒ.)  නව වසර සඳහා එදා‍ මෙදාතුර ෆෝමියුලා ඉතිහාසයේ දීර්ඝතම තරගමාලාව සූදානම් කර තිබේ. ගෝන් ප්‍රී තරග 23 කින් සමන්විත වන එම තරගමාලාව, මාර්තු මස 21 වැනිදා ඕස්‍ට්‍රේලියාවෙන් ආරම්භ වන අතර දෙසැම්බර් මස 5 වැනිදා අබුඩාබිහිදි නිමාවට පත්වේ.

එහි ප්‍රධානම ගෝන් ප්‍රී තරග දෙක වන බ්‍රිතාන්‍ය ගෝන් ප්‍රී තරගය ජූලි මස 18 වැනිදා සිල්වර්ස්ටෝන්හි ධාවන පථයේදීත්, බ්‍රසීල ‍‍ගෝන් ප්‍රී තරගය නොවැම්බර් මස 14 වැනිදා සාඕ පවුලෝහි ‍ඓතිහාසික ඉන්ටර්ලැගෝස් ධාවන පරිපථයේදීත් පැවැත්වීමට නියමිතය. තරගමාලාවේ දින දර්ශනයට තවදුරටත් කොරෝනා වසංගතයේ බාධාවක් එල්ල නොවනු ඇති බවත්, නියමිත සෞඛ්‍ය තත්වයන් යටතේ සියලුම තරග පැවැත්වීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බවත් ෆෝමියුලා-I හි පාලක මණ්ඩලය පවසයි.

කොරෝනා වසංගතය හේතුවෙන් මුළු මහත් ලෝකයේම ක්‍රීඩාවට දැඩි බලපෑමක් එල්ල වූ නමුත් ජූලි මස 5 වැනිදා ඕස්ට්‍රියාවේ රෙඩ් බුල් ධාවන පථයෙන් ආරම්භ වූ ෆෝමියුලා - 1 කාණ්ඩයේ මෝටර් රථ ධාවන තරග පෙල සාර්ථකය පවත්වාගෙන යන ලදි.

2021 කාල සටහන සකස් කරනු ලැබූ අවස්ථාවවේදී වියට්නාම ගෝන් ප්‍රී තරගය වෙනුවෙන් ‍අප්‍රේල් මස 25 වැනිදා වෙන්කර තිබුණද, එය සිය රට තුළ පැවැත්වීමට නොහැකි බව වියට්නායම පැවසීම හේතුවෙන් එම දිනය තවමත් හිස්ව පවතී‍. කෙසේ වුවත් ඉදිරියේදි එම තරගය පැවැත්වීම සඳහා සත්කාරක රටක් නම් කිරීමට කටයුතු කරන බව පවසන ෆෝමියුලා-I හි පාලක මණ්ඩලය, එම දිනය කාල සටහනෙන් ඉවත් කිරීමට පියවර නොගන්නා බවද සඳහන් කරයි.

තුර්කියේ ඉස්තාන්බුල්, පෘතුගාලයේ පෝටිමාවෝ සහ ඉතාලියේ ඉමෝලා ධාවන පථ මේ වන විටත් වියට්නාම ගෝන් ප්‍රී තරගය පැවැත්වීම සඳහා සත්කාරකත්වය ලබාදීමට ඉදිරිපත්වී සිටියි.  මෙම කාල සටහනට අනුව ජූලි සහ සැප්තැම්බර් මාස වලදී ගෝන් ප්‍රී තරග 3 බැගින්ද, ඔක්තෝබර් මාසයේදී ගෝන් ප්‍රී තරග 4 ක්ද පැවැත්වීමට නියමිතව ඇති බැවින් ෆෝමියුලා-I තරගකරුවන් මෙන්ම ඔවුන් නියෝජනය කරන කණ්ඩායම්ද එම මාස තුළ ඉතාමත් කාර්යබහුල වනු ඇත.

 

2021 ෆෝමියුලා-I තරග කාල සටහන

මාර්තු 21 - ඕස්ට්‍රේලියානු ගෝන් ප්‍රී තරගය (මෙල්බර්න්)
මාර්තු 28 - බහරේන ගෝන් ප්‍රී තරගය (සඛීර්)
අප්‍රේල් 11 - චීන ගෝන් ප්‍රී තරගය (ෂැංහයි)
අප්‍රේල් 25 - වියට්නාම ගොන් ප්‍රී තරගය (නිශ්චිත ස්ථානයක් නොමැත)
මැයි 9 - ස්පාඤ්ඤ ගෝන් ප්‍රී තරගය (බාසිලෝනා)
මැයි 23 - මොනාකෝ ගෝන් ප්‍රී තරගය (මොනාකෝ)
ජූනි 6 - අසර්බයිජාන ගෝන් ප්‍රී තරගය (බාකු)
ජූනි 13 - කැනේඩියානු ගෝන් ප්‍රී තරගය (මොන්ට්‍රෙල්)
ජූනි 27 - ප්‍රංශ ගෝන් ප්‍රී තරගය (ලේ කැස්ට්ලේ)
ජූලි 4 - ඕස්ට්‍රියානු ගෝන් ප්‍රී තරගය (ස්පිල්බර්ග්)
ජූලි 18 - බ්‍රිතාන්‍ය ගෝන් ප්‍රී තරගය (සිල්වර්ස්ටෝන්)
අගෝස්තු 1 - හංගේරියානු ගෝන් ප්‍රී තරගය (හංගරෝරිං)
අගෝස්තු 29 - බෙල්ජියම් ගෝන් ප්‍රී තරගය (ස්පා)
සැප්තැම්බර් 5 - නෙදර්ලන්ත ගෝන්  ප්‍රී තරගය (සැන්ඩ්වෝර්ට්)
සැප්තැම්බර් 12 - ඉතාලි ගෝන් ප්‍රී තරගය (මොන්සා)
සැප්තැම්බර් 26 - රුසියානු ගෝන් ප්‍රී තරගය (‍සෝචි)
ඔක්තෝබර් 3 - සිංගප්පූරු ගෝන් ප්‍රී තරගය (මරීනා බේ)
ඔක්තෝබර් 10 - ජපන් ගෝන් ප්‍රී තරගය (සුසුකා)
ඔක්තෝබර් 24 - ඇමෙරිකානු ගෝන් ප්‍රී තරගය (ඔස්ටින්)
ඔක්තෝබර් 31 - මෙක්සිකෝ ගෝන් ප්‍රී තරගය (මෙක්සිකෝ)
නොවැම්බර් 14 - බ්‍රසීල ගෝන් ප්‍රී තරගය (සාවෝ පෝලෝ)
නොවැම්බර් 28 - සෞදි අරාබි ගෝන් ප්‍රී තරගය (ජෙඩා)
දෙසැම්බර් 5 - අබුඩාබි ගෝන් ප්‍රී තරගය (යාස් මරීනා)

 

-036


අදහස් (0)

දීර්ඝතම ෆෝමියුලා-I තරගමාලාව 2021 දී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.