Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports තෙවැනි අදියරේ ජය කාර්ලෝස් සේන්ස්ට
ඩකාර් රැළිය - 2022

තෙවැනි අදියරේ ජය කාර්ලෝස් සේන්ස්ට

editorial - 2022 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සවුදි අරාබියේදී පැවැත්වෙන 2022 ඩකාර් රැළියේ ඊයේ (4 වැනිදා) පැවැති තෙවැනි අදියර ජයගැනීමට තෙවරක් ඩකාර් රැළි ශූරතාව දිනා ඇති ස්පාඤ්ඤයේ කාර්ලෝස් සේන්ස් සමත් විය. අල් කයිසුමා ප‍්‍රදේශය වටා කිලෝ මීටර් 255 ක දුරකින් සමන්විත වූ එම අදියර ජය ගැනීම සඳහා සේන්ස්ට ගතවූ කාලය පැය 2 යි, විනාඩි 26 යි, තත්ත්පර 51 කි.

මේ වන විට 59 වැනි වියේ පසුවන සේන්ස් ඩකාර් රැළියේදී ලැබූ ලැබූ 40 වැනි අදියර ජයග‍්‍රහණය මෙය විය. සේන්ස්ට වඩා තත්ත්පර 38 ක් පසුපසින් තරගය නිමා කළ දකුණු අපි‍්‍රකාවේ හෙන්ක් ලැටෙගන් එම අදියරේ දෙවැනි ස්ථානයට පත්විය.

තෙවැනි අදියරේ 8 වැනි ස්ථානයට පත් වුවද, තවදුරටත් සමස්ත තරගයේ පෙරමුණ ගැනීමට ඩකාර් රැළි 3 ක් ජයගෙන ඇති කටාරයේ නේසර් අල් අතියා සමත්ව සිටියි.

තෙවැනි අදියරෙන් අනතුරුව තමා සහ සමස්ත තරගයේ දෙවැනි ස්ථානයේ පසුවන ප‍්‍රංශයේ සෙබෙස්තියන් ලොබ් අතර පැවැති කාල පරතරය විනාඩි 9 යි, තත්ත්පර 16 සිට විනාඩි 37 යි, තත්ත්පර 40 ක් දක්වා වැඩි කර ගැනීමටද අල් අතියා සමත් විය.

සමස්ත තරගයේ තෙවැනි ස්ථානයේ පසුවන ලූසියෝ අල්වාරෙස් සහ අල් අතියා අතර පවතින කාල පරතරය විනාඩි 42 යි, තත්ත්පර 06 කි.

තෙවැනි අදියරේ තෙවැනි සහ සිවුවැනි ස්ථාන හිමිකර ගැනීමට ප‍්‍රංශයේ ස්ටීවන් පීටර්හැන්සල් සහ ස්පාඤයේ නානි රෝමා සමත් වූ අතර ඔවුන් දෙදෙනා පිළිවෙලින් සේන්ස්ට වඩා විනාඩි 1 යි, තත්ත්පර 41 ක් සහ විනාඩි 2 යි, තත්ත්පර 41 ක් පසුපසින් එම අදියර නිමා කළහ. සේන්ස්ට වඩා විනාඩි 2 යි, තත්ත්පර 59 ක් පසුපසින් සිට ස්වීඩනයේ මැටියස් එක්ට්‍රෝම් තෙවැනි අදියරේ පස්වැනි ස්ථානයට පත්විය.


තෙවැනි අදියරේ ප‍්‍රතිඵලය
1 කාර්ලෝස් සේන්ස් (ස්පාඤ්ඤය) - පැය 2 යි, විනාඩි 26 යි, තත්ත්පර 51 යි
2 හෙන්ක් ලැටෙගන් (දකුණු අපි‍්‍රකාව) - පැය 2 යි, විනාඩි 27 යි, තත්ත්පර 29 යි
3 ස්ටීවන් පීටර්හැන්සල් (ප‍්‍රංශය) - පැය 2 යි, විනාඩි 28 යි, තත්ත්පර 32 යි
4 නානි රෝමා (ස්පාඤ්ඤය) - පැය 2 යි, විනාඩි 29 යි, තත්ත්පර 32 යි
5 මැටියස් එක්ට්‍රෝම් (ස්වීඩනය) - පැය 2 යි, විනාඩි 29 යි, තත්ත්පර 50 යි


සමස්ත තරගයේ ප‍්‍රතිඵල
1 නේසර් අල් අතියා (කටාරය) - පැය 9 යි, විනාඩි 31 යි, තත්ත්පර 22 යි
2 සෙබෙස්තියන් ලොබ් (ප‍්‍රංශය) - පැය 10 යි, විනාඩි 09 යි, තත්ත්පර 02 යි
3 ලූසියෝ අල්වාරෙස් (ආර්ජන්ටිනාව) - පැය 10 යි, විනාඩි 13 යි, තත්ත්පර 28 යි
4 ගිනියෙල් ඩි’ විලියස් (දකුණු අපි‍්‍රකාව) - පැය 10 යි, විනාඩි 16 යි, තත්ත්පර 44 යි
5 යසීඞ් අල් රාජි (සවුදි අරාබිය) - පැය 10 යි, විනාඩි 18 යි, තත්ත්පර 51 යි


 

-036

 


අදහස් (0)

තෙවැනි අදියරේ ජය කාර්ලෝස් සේන්ස්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.