Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports ඩිවිලියර්ස් නමවැනි අදියර ජයගනී
ඩකාර් රැළිය - 2022

ඩිවිලියර්ස් නමවැනි අදියර ජයගනී

editorial - 2022 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සවුදි අරාබියේදී පැවැත්වෙන මෙවර ඩකාර් රැළියේ අද (11 වැනිදා) පැවැති නමවැනි අදියර ජයගැනීමට දකුණු අපි‍්‍රකාවේ ගිනියෙල් ඩිවිලියර්ස් සමත් විය. වාදි අද් දවසිර් ප‍්‍රදේශය වටා කිලෝ මීටර් 491 ක දුරකින් සමන්විත වූ එම අදියර ජය ගැනීම සඳහා ඩිවිලියර්ස්ට පැය 2 යි විනාඩි 23 යි, තත්ත්පර 08 ක කාලයක් ගත විය.

මේ වන විට 49 වැනි වියේ පසුවන ඩිවිලියර්ස් සිය කී‍්‍රඩා දිවිය තුළදී ලැබූ 18 වැනි ඩකාර් රැළි අදියර ජයග‍්‍රහණය මෙය විය. ඩිවිලියර්ස්ට වඩා තත්ත්පර 9 ක් පසුපසින් තරගය නිමා කළ දකුණු අපි‍්‍රකාවේම හෙන්ක් ලැටෙගන් නමවැනි අදියරේ දෙවැනි ස්ථානයට පත්විය. නමවැනි අදියර ජයගැනීමත් සමග සමස්ත තරගයේ පස්වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමටද ඩිවිලියර්ස් සමත් විය.

තවදුරටත් සමස්ත තරගයේ පෙරමුණ රැුක ගැනීමට කටාරයේ නේසර් අල් අතියා සමත්ව සිටින අතර අදිරය 9 නිමා කිරීම සඳහා ඔහුට ගතවී ඇති මුළු කාලය පැය 30 යි, විනාඩි 10 යි, තත්ත්පර 04 කි. නමවැනි අදියරේ තෙවැනි ස්ථානයට පත්වෙමින් තමා සහ සමස්ත තරගයේ දෙවැනි ස්ථානයේ පසුවන ප‍්‍රංශයේ සෙබස්තියන් ලොබ් අතර පැවැති කාල පරතරය වැඩි කර ගැනීමටද අල් අතියා සමත් විය.

නමවැනි අදියරෙන් අනතුරුව තමා සහ ලොබ් අතර පැවැති කාල පරතරය විනාඩි 37 යි, තත්ත්පර 58 සිට විනාඩි 39 යි, තත්ත්පර 05 ක් දක්වා අල් අතියා ඉහළ දමා ගත්තේය. සමස්ත තරගයේ තෙවැනි ස්ථානයේ පසුවන සවුදි අරාබියේ යසීඩ් අල් රාජි සහ අල් අතියා අතර පවතින කාල පරතරය විනාඩි 58 යි, තත්ත්පර 44 කි.

නමවැනි අදියරේ සිවුවැනි සහ පස්වැනි ස්ථාන හිමිකර ගැනීමට ස්වීඩනයේ මැටියාස් එක්ස්ට්‍රෝම් සහ ප‍්‍රංශයේ සෙබෙස්තියන් ලොබ් සමත් වූහ. ඔවුන් දෙදෙනා පිළිවෙලින් ඩිවිලියර්ස්ට වඩා විනාඩි 1 යි, තත්ත්පර 4 ක් සහ විනාඩි 2 යි, තත්ත්පර 7 ක් පසුපසින් එම අදියර නිමා කළහ.

 

නමවැනි අදියරේ ප‍්‍රතිඵලය
1 ගිනියෙල් ඩිවිලියර්ස් (දකුණු අපි‍්‍රකාව) - පැය 2 යි, විනාඩි 23 යි, තත්ත්පර 08 යි
2 හෙන්ක් ලැටෙගන් (දකුණු අපි‍්‍රකාව) - පැය 2 යි, විනාඩි 23 යි, තත්ත්පර 17 යි
3 නේසර් අල් අතියා (කටාරය) - පැය 2 යි, විනාඩි 24 යි, තත්ත්පර 12 යි
4 මැටියාස් එක්ස්ට්‍රෝම් (ස්වීඩනය) - පැය 2 යි, විනාඩි 25 යි, තත්ත්පර 15 යි
5 සෙබෙස්තියන් ලොබ් (ප‍්‍රංශය) - පැය 2 යි, විනාඩි 25 යි, තත්ත්පර 19 යි

සමස්ත තරගයේ ප‍්‍රතිඵල
1 නේසර් අල් අතියා (කටාරය) - පැය 30 යි, විනාඩි 10 යි, තත්ත්පර 04 යි
2 සෙබෙස්තියන් ලොබ් (ප‍්‍රංශය) - පැය 30 යි, විනාඩි 49 යි, තත්ත්පර 09 යි
3 යසීඞ් අල් රාජි (සවුදි අරාබිය) - පැය 31 යි, විනාඩි 08 යි, තත්ත්පර 48 යි
4 ඔර්ලන්ඩෝ ටෙරනෝවා (ආර්ජන්ටිනාව) - පැය 31 යි, විනාඩි 46 යි, තත්ත්පර 13 යි
5 ගිනියෙල් ඩිවිලියර්ස් (දකුණු අපි‍්‍රකාව) - පැය 31 යි, විනාඩි 55 යි, තත්ත්පර 05 යි


 

-036

 


අදහස් (0)

ඩිවිලියර්ස් නමවැනි අදියර ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.