Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports ජාතික මෝටර් රථ ශූරතාවලියට තරගාවලි 12 ක්
මෝටර් රථ තරග

ජාතික මෝටර් රථ ශූරතාවලියට තරගාවලි 12 ක්

editorial - 2022 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

මෙම වසරේදී (2022) පැවැත්වීමට නියමිත මෝටර් රථ තරගාවලි 18 න් 12 ක්ම ජාතික මෝටර් රථ ශූරතාවලියට ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. ටාමැක් ශූරතාවලිය සහ රැළි ක්‍රොස් ශූරතාවලිය ලෙස කාණ්ඩ දෙකක් ය‍ටතේ මෙවර ජාතික මෝටර් රථ ශූරතාවලිය පැවැත්වෙනු ඇත.

ඉන් ටාමැක් ශූරතාවලිය කඳු තරණ 3 කින් සහ තාර ඇතිරූ ධාවන පථවලදී පැවැත්වෙන මෝටර් රථ තරග 2 කින් සමන්විත වන අතර රැළි ක්‍රොස් ශූරතාවලිය බොරළු සහිත ධාවන පථවලදී පැවැත්වෙන සුපර් ක්‍රොස් තරගාවලි 7 කින් සමන්විත වේ.

එළියකන්ද, මහගස්තොට සහ කුකුලේගඟ යන කඳු තරණ මෙවර ජාතික මෝටර් රථ ශූරතාවලියේ ටාමැක් කාණ්ඩයට අයත් කඳු තරණ වන අතර ඊට ඇතුළත් තාර ඇතිරූ ධාවන පථවලදී පැවැත්වෙන මෝටර් රථ තරග 2 වන්නේ කටුකුරුන්ද මෝටර් රථ තරගාවලිය සහ රොදහැම් මෝටර් රථ තරගාවලියයි.

කලම්බු සුපර් ක්‍රොස්, නරියාකන්ද සුපර් ක්‍රොස්, සීගිරිය රැළි ක්‍රොස්, කැවල්රි සුපර් ක්‍රොස්, ගනර් සුපර් ක්‍රොස්, වලව සුපර් ක්‍රොස් සහ ගජබා සුපර් ක්‍රොස් යන සුපර් ක්‍රොස් තරගාවලි මෙවර ජාතික රථ ශූරතාවලියේ රැළි ක්‍රොස් කාණ්ඩයට ඇතුළත්කර තිබේ.

ටාමැක් ශූරතාවලිය සඳහා සුදුකම් ලබාගැනීම සඳහා තරගකරුවන් අනිවාර්යෙන්ම ඊට ඇතුළත් කඳු තරණ 3 න් 2 ක් සහ තාර ඇතිරූ ධාවන පථවලදී පැවැත්වෙන මෝටර් රථ තරග 2 අවසන් කළ යුතුය. රැළි ක්‍රොස් ශූරතාවලිය සුදුකම් ලබාගත හැකි වන්නේ සුපර් ක්‍රොස් තරගාවලි 7 න් 5 ක් අවසන් කළ තරගකරුවන්ට පමණි.

මෙම තරගාවලිවලදී ජාතික ශූරතාවලියට ලකුණ ලබාගැනීම සඳහා තරගකරුවන්ට මෝටර් රථ කාණ්ඩ 10 ක් යටතේ ‍තරග වැදිය හැකිය. එහෙත් අදාල මෝටර් කාණ්ඩය සඳහා ජාතික ශූරතාවක් පිරිනමනු ලබන්නේ අවම වශයෙන් ජාතික ශූරතාවලියට ඇතුළත් තරගාවලි 5 කදීවත් එම කාණ්ඩයේ තරග පැවැතිය හ‍ොත් පමණි.

එමෙන්ම අදාල මෝටර් රථ කාණ්ඩයේ තරගයක් ආරම්භ කරන විට අවම වශයෙන් තරගකරුවන් 5 දෙනෙකුවත් ඊට සහභාගි නොවුනහොත්, එම තරගයේදී ක්‍රීඩකයන් ලබාගන්නා ලකුණු ජාතික ශූරතාවලිය සඳහා ඇතුළත් නොකිරීමටද මෝටර් රථ ක්‍රීඩා පාලනාධිකාරිය තීරණය කර තිබේ.

මෙම වසරේදී පැවැත්වීමට නියමිත මෝටර් රථ තරගාවලි ඇතුළත් කාලසටහන පහත දැක්වෙන අතර එහි සඳහන් තරගාවලි විවිධ හේතූන් මත කල් දැමීමටත්, අවලංගු වීමටත්, දින වකවානු වෙනස් වීමටත් ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.  

මෝටර් රථ තරග කාලසටහන - 2022

  1. ජනවාරි 29 සහ 30 - රාත්‍රී මෝටර් රථ රැළිය
  2. පෙබරවාරි 5 සහ 6 - අයිස් බ්‍රේකර් තරගාවලිය - සාලියපුරදී
  3. පෙබරවාරි 19 සහ 20 - එළියකන්ද කඳු තරණය - මාතරදී
  4. මාර්තු 26 සහ 27 - කලම්බු සුපර් ක්‍රොස් - වැලිසරදී
  5. අප්‍රේල් 2 සහ 3 - මහගස්තොට කඳු තරණය - නුවරඑළියේදී
  6. අප්‍රේල් 5 - රඳැල්ල කඳු කරණය - රඳැල්ලේදී
  7. අප්‍රේල් 23 සහ 24 - නරියාකන්ද සුපර් ක්‍රොස් - දියතලාවේදී
  8. මැයි 13 සහ 14 - සීගිරිය රැලි ක්‍රොස් - සීගිරියේදී
  9. මැයි 21 සහ 22 - කුකුලේගඟ කඳු තරණය - කලවානේදී 
  10. ජූනි 11 සහ 12 - කරඬුපොන කඳු තරණය - කරඬුපොනදී
  11. ජූලි 9 සහ 10 - කැවල්රි සුපර් ක්‍රොස් - පාන්ගොල්ලේදී
  12. ජූලි  23 සහ 24 - ගනර් සුපර් ක්‍රොස් - මින්නේරියේදී
  13. අගෝස්තු 6 සහ 7 - වලව සුපර් ක්‍රොස් - උඩවලවේදී
  14. අගෝස්තු 20 සහ 21 - ගජබා සුපර් ක්‍රොස් - සාලියපුරදී
  15. සැප්තැම්බර් 10 සහ 11 - කාලය මැනීමේ තරගාවලිය - මීගමුව
  16. සැප්තැම්බර් 17 සහ 18 - මෝටර් රථ තරගාවලිය - කටුකුරුන්ද
  17. සැප්තැම්බර් 24 සහ 25 - රොදර්හැම් තරගාවලිය - කටුකුරුන්ද
  18. නොවැම්බර් 5 සහ 6 - මෝටර් රථ තරගාවලිය - කටුකුරුන්ද

අදහස් (0)

ජාතික මෝටර් රථ ශූරතාවලියට තරගාවලි 12 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.