බණ්ඩාරගම කාර්ටින් සර්කිට්හිදී පැවැති පල්සර් එන්. එස්. 150 කාර්ටින් ශූරතාවලියේ දෙවැනි අදියරේ ජ්‍යෙෂ්ඨ කාණ්ඩවලි ජයග‍්‍රහණ වාර්තා කිරීමට ජේසන් කැරන්, බ‍්‍රයන් පෙරේරා සහ රමේෂ් පෙරේරා සමත් වූහ.
එහිදී ජේසන් කැරන් ජ්‍යෙෂ්ඨ ‘ඞී’ කාණ්ඩයේද, බ‍්‍රයන් පෙරේරා ජ්‍යෙෂ්ඨ ‘ඊ’ කාණ්ඩයේද, රමේෂ් පෙරේරා ජ්‍යෙෂ්ඨ ‘එෆ්’ කාණ්ඩයේද ශූරතා දිනාගත්හ.
කාණ්ඩ 7 ක් යටතේ මෙම තරගාවලිය පැවැත්විණි. ජ්‍යෙෂ්ඨ අංශයේ තරග ‘ඞී’, ‘ඊ’ සහ ‘එෆ්’ යන කාණ්ඩ යටතේද, කනිෂ්ඨ අංශයේ තරග ‘ඒ’, ‘බී’ සහ ‘සී’ යන කාණ්ඩ යටතේද තරග පැවැති අතර එහිදී විවෘත කාන්තා තරගයක්ද පැවැත්විණ.
විනූෂ සංජුල, ඉෂාන් උදාර සහ ශක්ති අනුරාධ පිළිවෙලින් කනිෂ්ඨ අංශයේ ‘ඒ’, ‘බී’ සහ ‘සී’ කාණ්ඩ වල ශූරතා දිනාගත්හ. කාන්තා විවෘත තරගය ජය ගැනීමට අෂ්විතා වික‍්‍රම සමත් වූවාය.
බණ්ඩාරගම ගෝ කාර්ට් මෝටර් රථ ධාවන ක‍්‍රීඩා සමාජය සංවිධානය සංවිධානය කළ මෙම තරගාවලියේ අනුග‍්‍රාහකයා ලෙස ඬේවිඞ් පීරිස් පුද්ගලික සමාගම කටයුතු කළේය.
තරග ප‍්‍රතිඵල
ජ්‍යෙෂ්ඨ ‘ඞී’ කාණ්ඩය
ශූරතාව - ජේසන් කැරන්
අනු ශූරතාව - සයුරික ලිවිඳු
තෙවැනි ස්ථානය - අෂ්විතා වික‍්‍රම
ජ්‍යෙෂ්ඨ ‘ඊ’ කාණ්ඩය
ශූරතාව - බ‍්‍රයන් පෙරේරා
අනු ශූරතාව - සුමල් මාර්කෝ
තෙවැනි ස්ථානය - කෙවින් පෙරේරා
ජ්‍යෙෂ්ඨ ‘එෆ්’ කාණ්ඩය
ශූරතාව - රමේෂ් පෙරේරා
අනු ශූරතාව - ශියාන් සංඛ අරඹවත්ත
තෙවැනි ස්ථානය - රනිල්ක රාමනායක
ආධුනික ‘ඒ’ කාණ්ඩය
ශූරතාව - විනූෂ සංජුල
අනු ශූරතාව - ජුඩියන් ඇන්තනී
තෙවැනි ස්ථානය - අනිෂ් රයන්
ආධුනික ‘බී’ කාණ්ඩය
ශූරතාව - ඉෂාන් උදාර
අනු ශූරතාව- චවිඳු ලවන්
තෙවැනි ස්ථානය - සුධාරක ප‍්‍රනාන්දු
ආධුනික ‘සී’ කාණ්ඩය
ශූරතාව - ශක්ති අනුරාධ
අනු ශූරතාව - හෙලංග කුලතුංග
තෙවැනි ස්ථානය - රයන් ජූඞ් ඩි
කාන්තා විවෘත
ශූරතාව - අෂ්විතා වික‍්‍රම
අනු ශූරතාව - මරීස් නවරත්න
තෙවැනි ස්ථානය - ගයනි වාසනා
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.