Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports කටුකුරුන්ද මෝටර් රථ තරග දෙසැම්බර් 5 දා
‘ස්පීඞ් අප්’ මෝටර් රථ තරගාවලිය

කටුකුරුන්ද මෝටර් රථ තරග දෙසැම්බර් 5 දා

editorial - 2021 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ කී‍්‍රඩා අමාත්‍යංශයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා මෝටර් රථ ක‍්‍රීඩා මව් සංගමය සංවිධානය කරන ‘ස්පීඞ් අප්’ මෝටර් රථ තරගාවලිය දෙසැම්බර් මස 5 වැනිදා පෙරවරු 9.00 සිට කළුතර, කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්වේ. මෝටර් රථ තරග 8 කින් සමන්විත වන මෙම තරගාවලිය සඳහා ලියාපදිංචි වී සිටින මෝටර් රථ රියැදුරන් සංඛ්‍යාව 129 කි.

තරගාවලියේ ප‍්‍රධානම ඉසව් දෙක ලෙස සැලකෙන එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ ඉසව්වේදී සහ එස්.එල්.එච්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 1600 දක්වා) මෝටර් රථ ඉසව්වේදී තරග 2 බැගින් පැවැත්වේ.

එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි.ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ ඉසව්ව, එස්.එල්.එන්. කාණ්ඩයේ (සි.ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ ඉසව්ව, එස්.එල්.එන්. කාණ්ඩයේ (සි.ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය සහ එස්.එල්.එච්. කාණ්ඩයේ (සි.ධා. 2200 දක්වා) සුබාරු ලෙගසි මෝටර් රථ ඉසව්ව එහිදී පැවැත්වෙන සෙසු තරග වේ.

කොවිඞ්-19 වසංගතය හේතුවෙන් වසර 2 කට පමණ පසුව මෙරටදී පැවැත්වෙන පළමු මෝටර් රථ තරගාවලිය මෙයයි. එහිදී දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් තරග පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු යොදා ඇත.

මෙම තරගාවලිය නැරඹීම සඳහා ධාවන පථයට පිවිසීමට නරඹන්නන්ට අවසර ලබාදී නොමැති අතර යූ ටියුබ්, ෆේස් බුක් සහ පියෝ ටීවී ඔස්සේ තරගාවලිය සජීවී ලෙස විකාශනය කෙරේ.

තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස එස්.එල්.ටී. මොබිටෙල් සමාගම කටයුතු කරන අතර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, මාර්ක්ස්, සියැට්, එක්සයිඞ්, ෆ‍්‍රීලන් සහ මෝටර් ස්පෝට්ස් නෙට්වර්ක් එහි සෙසු අනුග‍්‍රාහකයෝ ලෙස කටයුතු කරති.


අදහස් (0)

කටුකුරුන්ද මෝටර් රථ තරග දෙසැම්බර් 5 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.