Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports උෂාන්ට වාර්තාව මඟ හැරෙයි
එලියකන්ද තරණය

උෂාන්ට වාර්තාව මඟ හැරෙයි

editorial - 2022 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)  
සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය 26 වැනි වරටත් සංවිධානය කළ ‘එලියකන්ද තරණය’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී තරගකරුවෙකු වාර්තා කළ වේගවත්ම තරග නිමි කාලයට හිමිකම් කියමින් තරගාවලියේ දක්ෂම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට උෂාන් පෙරේරා සමත් විය.

එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ තරගයට සහභාගි වූ උෂාන්ට එම තරගයේ ගමන් වාරයක් නිමා කිරීම සඳහා ගතවූ අවම කාලය වූයේ තත්ත්පර 32.943 කි. කෙසේ වුවත් තරගාවලියේ වේගවත්ම කාලය ලෙස ඉකුත් වසරේදී (2021) අශාන් සිල්වා පිහිටවූ වාර්තාව (තත්ත්පර 31.26) බිඳ දැමීමට උෂාන්ට නොහැකි විය.

මෙවර තරගාවලියේදී අඩුම කාලයකින් තරගය නිමා කළ යතුරුපැදිකරුවා ලෙස සම්මාන හිමිකරගැනීමට සංගීත් සූරියගේ සමත් විය. ඔහු එම සම්මානයට හිමිකම් කීවේ එස්.එම්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 450 දක්වා) සුපර් මෝටාඩ් යතුරුපැදි තත්ත්පර 33.689 කින් නිමා කරමිනි.

මින් පෙර මෙම තරගාවලියේදී අඩුම කාලයකින් තරග වාරයක් නිමා කළ යතුරුපැදිකරුවා බවට පත්ව සිටියේ ජේඩ්න් ගුණවර්ධනය. ඔහු එම වාර්තාවට හිමිකම් කීවේ ඉකුත් වසරේ (2021) එස්.එම්. කාණ්ඩයේ සුපර් මෝටාඩ් විවෘත යතුරුපැදි තරගයේදී තත්ත්පර 33.63 ක කාලයක් වාර්තා කරමිනි.  

මීටර් 600 ක දිගකින් යුත් තාර ඇතිරූ මාර්ගයක පැවැති මෙම තරගාවලියට මෝටර් රථ ඉසව් 15 ක් සහ යතුරුපැදි ඉසව් 13 ක් ඇතුළත් වූ අතර ඒ සඳහා තරගකරුවෝ 200 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූහ. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේය.

 


අදහස් (0)

උෂාන්ට වාර්තාව මඟ හැරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.